Wednesday, September 26, 2012

හිගන්නියකට රැවටුනෙමි

                                                 අද උදේ මම කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා එක ලගින් බස් එකෙන් බැහැලා පයින් ඇවිදගෙන එන කොට අතරමගදි තරමක් හොද තත්වයේ සාරියක් ඇද ගත්ත ආච්චි කෙනෙක් පාරේ යන හැමෝගෙන්ම සල්ලි ඉල්ලනවා .මම මේ මනුස්සයා පහු කරගෙන ටික දුරක් ගිහින් ආපහු හැරිලා ඇවිත් මම ඒ ආච්චිගෙන් ඇහුවා කොහේටද යන්න ඕනේ කියලා  ජා ඇලට යන්න ඕනේ ඒකට රුපියල් පනස් පහක් ඕනේ කියලා මට කිවුවා ඒ වෙලාවේ මගේ අතේ තිබුන රුපියල් 15 ක් මම ඒ මනුස්සයට දිලා ඔෆිස් එකට ආවා..ඔෆිස් එකට ආව ගමන් මම ඔෆිස් එකේ හිටපු දෙන්නෙක් එක්ක මේ කතාව කිවුවා එතන හිටපු එක්කෙනෙක් රුපියල් 50ක් දිලා කිවුවා ඒ ආච්චි තාම ඉන්නවා නම් මේකත් දෙන්න කියලා හැබැයි එතන හිටපු අනිත් කෙනා නම් මට කිවුවේ සමහර මිනිස්සු බොරු කරනවා සමහර විට මේකත් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන් කියලා ඒත් මම ඒ රුපියල් 50 ත් අරගෙන ආයෙත් පයින්ම කොල්ලුපිටිය හංදියට වෙන කමි පයින්ම ආවා ඒ වෙනකොටත් අර ගැනු කෙනා සල්ලි ඉල්ලනවා යන එන අයගෙන.මම ආයේත් ඒ මනුස්සයා ලගටම ගිහින් සල්ලි දිලා ඔෆිස් එකට ආයෙත් ආවා.ඒ එන කොට ඔෆිස් එකේ සිකුරිටි අන්කල් මගෙන් ඇහුවා ඇයි මිස් ආපු ගමන් ආයෙත් ගියේ ඇයි කියලා මම අන්කල් ටත් විස්තරේ කියලා ඇතුලට ගිහින් මගේ සුපුරුදු රාජකාරි වල යෙදි ඉන්න කොට සිකුරිටි අන්කල් මාව හොයාගෙන එනවා මිස් පොඩ්ඩක් ඉස්සරහට එන්න යාලුවෙක් පෙන්නන කියලා.

                            එතකොට වෙලාව දවල් 11.30 විතර ඇති. මම උදේ 8.30 ට දැකපු ආච්චි තාම රුපියල් 55 ක් එකතු කරනවා මමම රුපියල් 65ක් දුන්නා ඒ මනුස්සයගේ අතටම එහෙම එකේ ගෙදර යන්නේ නැතුව තවමත් දවල් වෙලත් පාරේ ඉන්නේ මේ මනුස්සයා ලොකු බොරුවක් කරන නිසානේ.මම කෙලින්ම ගිය මේ ආච්චිගේ ඉස්සරහට ගිහින් ඒ මනුස්සයා දිහා බලාගෙන හිටියා මාව දැක්ක ගමන් ආච්චි නිකන් අවුරුදු 20 ක කෙල්ලෙක් ට වත් යන්න බැරි තරම් වේගයෙන් යන්න ගියා.


                                මට ඒ වෙලාවේ හිතට ආවේ පුදුම විදියේ තරහක් ඒ වගේම දුකක්  ඇයි මිනිස්සු මේ වගේ වැඩ කරන්නේ.රුපියක් 65කින් යාන වාහන ගන්න බැ තට්ටු දෙකේ ගෙවල් හදන්න් බැ එත් එතනදි වුනේ කැත වැඩක්.

               අද කාලේ බස් එකකට නැග්ගාම කියක් හිගන්නෝ බස් එකට නගිනවද ? ඒ අයගෙන් කියෙන් කි දෙනාටද ඇත්තටම හිගාකන්න ඕනි මිනිස්සුද?කන් ඇහෙන්නේ නැති කතා කරන්න බැරි මිනිහා හිගාකන්නේ ඇයි ඒ මිනිහට හොදට අත පය තියනවානේ රස්සාවක් කරන්න.තව බස් එකට නගිනවා මනුස්සයෙක් චිත්‍රපටි වල නාම පුවරු අතින් ඇදලා දැන් තියන ඩිජිටල් ජායාරුප නිසා එයාට රස්සාව නැති වුනා ඒ නිසා දරු පවුල ජිවත් කරන්න විදියක් නැ කියලා හිගාකනවා.එත් මේ ලොකේ තියන එක රැකියාව ඒක නෙමෙනේ.එක නැත්නම් කුලි වැඩක් කරන්න පුලුවන්නෙ.

                                        තව ගැනු අය කරන තවත් බොරුවක් තමා පිළිකාවක්  නිසා එක පියයුරුවක් ඉවත් කලා කියලා බොරුවට ප්ලාස්ටර් ගොඩක් ඇගේ අලවගෙන ඒක පෙන්න පෙන්න හිගා කන එක.පුංචි පුංචි ගැණු ළමයි එක්ක හිගාකන්න යනවා සමහර අම්මලා මේ දරුවන් අනාගතයේ ලොකේ තියන පැරණිම වුර්තියට අඩු වයසෙන්ම එකතු වෙනවා.

                                       මේ හැම දේම දැන දැනත් මම ගෙදර යන්න සල්ලි නැ කිවුව මේ මනුස්සයට සල්ලි දුන්නේ වෙලාවකට මම ත් අතේ ගානට සල්ලි තියාගෙන ගමන් බිමන් යනවා.මට හිතුනේ ඒ වගේ වෙලාවක ඕන කෙනෙක් අසරණ වෙනවා.මනුස්සයෙක් තමන්ගේ ආත්ම ගරුත්වය අමතක කරලා කාගෙන හරි සල්ලි ඉල්ලන්නේ අසරණ කම නිසාමයි.ඒත් ඒ වගේ වෙලාවක පිහිට වෙන්න ගිහින් රැවටුනා කියලා දැනුනාම දැනෙන්නේ පුදුම විදියේ තරහක්.