Monday, May 21, 2012

අම්මේ නුඹේ පුතණුවන්ට මෙන්ම ඔබටත් අප ණයගැතියි.

   

                                                  අවුරුදු 30ක් පැවතුන රුදුරු යුධය අවසන් වෙලා වසර තුනක් විතර ගෙවිලා අවසන් වුනා විතරයි.එදා මෙදා තුර ශ්‍රි ලංකා යුධ ඉතිහාසයේ කොපමන තරුණ ජීවිත මේ යුද්ධයේදි රටට අහිමි වුනාද?සෙබලුන් කි දෙනෙකුගේ අත පය ඇස් අහිමි වුනාද?මෙහෙම තමන්ගේ ලේ මස් රට දැ‍ය වෙනුවෙන් පුජා කරපු සමහර සෙබලුන්ට තමන්ගේ කියලා බිම් අගලක් වත් මේ රටේ නොතිබුන අය.මේ වගේ කැපවිම් කරන්න මේ වගේ දරුවන් බිහි කල මවුපියවරුන්ටත් අප සැවෝම ණය ගැතියි.පසු ගිය දා ශ්‍රි ජයවර්ධනපුර පාර්ලිමේන්තුව අසල තිබෙන රණවිරු ස්මාරකය අසලදි ජායාරුප ගත වි තිබුනු මේ ජායාරුප දුටු ඕනැම කෙනෙක්ට ඒ බව හොදටම වැටහේවි.

                                               
                                                මේ අම්මා වියපත් වු දැසින් අපහසුවෙන් සොයන්නේ ප්‍රථිපල ලේඛනයක සදහන් තම දරුවාගේ නම නොවේ.රට දැය වෙනුවෙන් තමන්ගේ ජිවිතය පුජා කල හෝ අතුරුදහන් වුවන්ගේ ලේඛනයේ සිටින තම දරුවාගේ නමයි.රට දැ‍ය වෙනුවෙන් තමන්ගේ දරුවා ජිවිතය පුජා කිරිම කොතරම් අභිමානයක් වුනත් දස මසක්  කුසේ තියාගෙන හැදු වැදු දරුවා අහිමි විම තරම් අම්මා කෙනෙක්ට දරා ගන්න අපහසු දෙයක් මේ මිහි මත වේද?




                 ලෙහි හොවා වැදු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්
               දැ විගුම් වැද නැ බැතින් හිස අත් මුදුන් වෙති පියවරුන්
  මවුබිමේ හිමිකම් පතා තම දිවි පිදු කල ඒ පුතුන්
                  තුන් හෙලේ හැම මවුවරුන් ලය කිරි එරි ඇත උන් නමින්

ජිවිත පමනක් නොව ඇස් ,අත පය දන් දුන් ඔබටත් ඔබ හැදු වැදු දෙමව්පියන්ටත් අප ණය ගැතියි.


(ජායාරුප - ගොසිප් ලංකා)

7 comments:

වර්ණා said...

මේක කියවල මට ඇඬුනා. අනේ මේ අම්මා කොහොම මේ දුක දරාගන්න ඇතිද? සමහර ළමයි ලවක් පැරදුනා කියලා දිවිනසාගන්නවා.. කවදාවත් දෙමව්පියන් ගැන හිතන්නේ නැහැ. මෙවන්වූ රණ විරු පුතුන් හැදු ඔබ රන් කඳක් මෑණිවරුනි

Dinesh said...

සංවේදි සටහනක්.. ඇත්තටම හිතට දැනුනා..

The තරුවා said...

සෑහෙන්න සංවේදියි....

වින්චැට් කිරිල්ලි. said...

මිය ගිය අය ගැන අහනකොට වඩා දුකයි අර රෝදපුටු වල ඉන්න අය දැක්කාම.....:(:(

රන් සමනළියක් said...

@ වර්ණා , දිනේෂ් , තරුගේ ලෝකය ,චින්චැට් කිරිල්ලි - අපිට රටක් ඉතිරි උනේ මේ වගේ දරුවෝ හැදු වැඩු අම්මලා ..නිසයි.

meegodaya said...

හරි ඉක්මනට අමතක කරල දාපු අපේ වීරයො ටික ඔයා ආඵු මතක් කරලා...

විමුක්ති said...

අපිදවසක් දුක්උනාට එයාලකීපාරක් මැරීමැරී උපදිනවඇත්ද?