Friday, December 30, 2011

තිස්සමහරාම තිස්ස වැවෙන් නාන්නේ පරිස්සමෙන්.....


                               
                                 අපේ තාත්තා අවුරුදු දෙකකට සැරයක් කතරගම කිරින්ද නිමල ආරාණය සේනාසනයට දානයක් දෙන්න යනවා.මේ දානේ දෙන්න යන කොට අපේ පවුලේ කට්ටියට අමතරව අපේ ගේ වටේ ඉන්න පවුල් 3කුත් අපිත් එක්ක යනවා. වසර දෙකකට වරක් තමයි අපේ දානේ වාරේ එන්නේ.අපි හැමෝම හරිම ආසාවෙන් තමයි බලාගෙන ඉන්නේ අපේ දානේ වාරේ එනකම් දානේ දිලා ඉවරවෙලා අපි කතරගමත් ගිහින් තමයි ආපහු ගෙදර එන්නේ.මේ සිද්දිය වුනේ 2006 දි . අවුරුද්දේ අපේ දානේ වාරේ ආවා.ඔන්න ඉතින් සුපුරුදු පරිදි කට්ටිය දානේ දීලා ඉවර වෙලා දාන ශාලාව එහෙම අස් කරලා තම තමන්ගේ බඩු ලැස්ති කරගෙන ආපහු වාහන වලට එහෙම පටව ගත්තා.
                                              දැන් අපි මේ පිටත් වෙන්න හදන්නේ කතරගම යන්නයි.කලින් දවසේ රැ නිදි මරලා මහන්සි වෙලා හිටපු අපේ කට්ටියට ඉලගට ඕන වෙලා තිබ්බේ වැවකට බැහැලා නාගන්නයි.නිමලව තියෙන්නේ කිරින්දටත් තිස්සමහරාමයත් අතර යාල යන පාරේ .ඔය හරියේ ආසන්නයේම තියන වැව තමයි යෝධ කණ්ඩිය වැව.ඔය වැවත් සාමානයෙන් ගොඩක් විශාල වැවක්.අපි යන කාලේ මේ පැවිල්ලට මේ වැව හිදිලා තිබ්බේ වැඩිය වතුර එහෙම නැ.තැන් තැන් වල පුංචි පුංචි වතුර වල වල් වල වතුර තිබ්බා.කොච්චර මහන්සි උනත් අපි කට්ටියට ඕන වෙලා තිබ්බේ වැවේ වතුරේ නට නටා ඉදලා නාන්න . වෙන කොට අපි ඔක්කොම ඉස්කොලේ යන වයසේ ලමයි.ලොකු අයට නම් වතුර ටිකක් නාගන්න තිබ්බොත් ඇති ගානට හිටියේ. ඒත්  පොඩි හිටියෝ වෙච්ච අපි නම් මේ වතුර අඩු වැවේ නාන්න කොහෙත්ම කැමති උනේ නැ.අපේ බලවත් විරෝදය මැද්දේ යෝධ කණ්ඩිය වැවෙන් නාන්නේ නැතුව තිස්සේ තියන තිස්සමහාරාම වැවෙන් නාන්න තිරණ්ය කරලා අපි ගියා තිස්සමහාරාම වැව ලගට ගිහින් අපේ වාහන නැවත්තුවේ වැව අයිනේ යාල යන්න ඩිෆේන්ඩර් නවත්තලා තියෙන්නේ අන්න එතන තමයි අපි නාන්න තිරනේ කරපු තැන.

                                          ඔතන නාන්න වැවට  බහින්න පඩි පෙල් පවා හදලා තියනවා.තිස්සමහාරාමේ වැව නම් පිරිලා ඉතිරිලා යන්න වතුර තිබ්බා.මිට කලිනුත් අපි කතරගම ආවාම ඔතනින් නාලා තමයි යන්නේ.එක නිසා ඔතනින් නාන එක ගැන ආයේ දෙපාරක් හිතන්න දෙයක් තිබ්බේ නැ අපිට.ඔතන නාන්න වන්දනා නඩ ආවාම බැදපු මාලු ඉස්සෝ , දෙළුම් එහෙම විකුන්න මිනිස්සු එනවනේ.අපි එහෙම ආව එක්කෙනෙක්ගෙන් දෙලුම් එහෙමත් ගත්තා.වැඩිහිටියන්ට පෙර පොඩිහිටියෝ ටික ඉස්සර වෙලා වතුරට පැනලා කැ ගහනවා නටනවා දිය යටින් යනවා උඩින් යනවා සෙල්ලම් ගොඩයි. මේ හැමොම ගියේ වාහන දෙකක  මේ වාහන දේකේ ඩ්‍රැයිවර්ලා දෙන්නත් වැවට බැහැලා නානව.අපි  ඔක්කෝම  කට්ටිය 20ක් විතර වැවේ පෙරලි පෙරලි නානවා.ටැප් එකෙන් හැම දාම නාන අපිට වැවට බැහැලා නානවා කියන්නේ ඉතින් ලොකු දෙයක්.අනේ ඒ උනාට මේ සතුට තිබ්බේ ඉතාම කෙටි කාලයයි.දන්නවද  වෙච්ච දේ.පොඩි ලමයින්ට ඇති වෙනකම් නටන්න දිලා අම්මලා පොඩි අයට වැවෙන් ගොඩට ඇවිත් පිහිදා ගන්න කිවුවා.
                              
                වැවෙන් ගොඩට ආව අපි හැමෝම ඉවසාගන්න බැරි දරුණු දුකකට තමයි මුන දෙන්න වුනේ.ඉස්සෙල්ලාම පටන් ගත්තේ පොඩි උන් ටික .මොකද දන්නවද වුනේ අපි හැමෝගෙම ඇගවල් කහන්න ගත්තා බොහෝම දරුනු විදියට එක ඉවසාගෙන දරාගන්න බැරි තරමේ අමාරුවක්.අම්මලා තාත්තලා අපි හැමෝම ඇගවල් කහනවා. හරියට දළඹුවෝ ගැ වුනාම කහන්නේ අන්න ඒ වගේ දළඹුවෙක් ගැවුනා නම් අපි හැමෝගෙම මුලු ඇගම කහන්න විදියක් නැනේ.කසලා කසලා රතු පාට වෙලා බිබිලිත් ඇවිත් තිබුනා.ඉවසගන්න බැරි උන සමහරු අඩනවා.මේ මමත් ඇඩුවා.අම්මලා ට හරිම දුකයි මිට ටිකකට කලින් හරිම සතුටින් හිටපු ලමයි ටික අඩනවා.ඉක්මනට නාලා ගොඩට ආව අයට ඒ තරම්ම අමාරුවක් නැති වුනත් විනෝදෙන් ඉදලා එහෙම උනාම හිතට අමාරුයිනේ.ඉට පස්සේ අපිට අර දෙළුම් විකුනපු මනුස්සයට අපි කහනවා දැකලා ඇවිත් කියනවා

 “ඇයි දන්නේ නැද්ද මේ කාලේට වැවේ වතුර කුබුරු වලට යවන්න්නේ නැනේ එක නිසා ගස් වල කොළ වැටිලා වතුර පල් වෙනවා ඒ කාලේට නැවාම ඇග කහනවා එක නිසා ගමේ මිනිස්සුවත් නාන්නේ නැ"

            .ඔය වෙලාවේ තමයි හිතුනේ එකගේ බෙල්ල මිරිකන්න ඕක අපි නාන්න ඇවිත් බහින කොට කිවුවා නම් ඉවරයිනේ.එහෙම කිවුවා නම් මිනිහට මොනවා හරි විකුන ගන්න තිබ්බ අවස්තාව නැති වෙනවනේ .එක නිසා නොකියා ඉදලා තියෙන්නේ.වැඩේ වුනාට පස්සේ ඔතන කැ ගහලා වැඩක් නැනේ. බොහොම අමාරුවෙන් බැග් ටික පටවගෙන අපි  කට්ටිය ආයෙත් වාහනේට නැගලා කතරගම යන්න පටන් ගත්තා.ඔහොම යන අතර මගදි හැමොම වදුරෝ රංචුවක් වගේ කහනවා ඇගවල්.අම්මලා තමන්ට තියන අපහසුතාවේ අමතක කරලා ලමයින්ගේ ඇග කහනවා.එකම විකාරයයි.හොදම පවු වැඩේ වුනේ රියදුරො දෙන්නට කහන එක අමතක කරලා වාහනේ පදින්න වුන එක.
                                
                           කොහොම හරි අපි කතරගමට යන අතරමගදි කඩෙකින් ගත්තා ලයිට්බොඉයි සබන් කැට ටිකකුත්.පැනඩොල් බිවුවාමත් ටිකක් විතර අඩු උනා එත් ආපහු කසන්න ගන්නවා.කොහොම හරි අපි කට්ටිය කතරගම විශ්‍රාම ශාලාවට ගිහින් කාමර 2ක් ගත්තා.කට්ටිය අඩුම් බැග් ටික බොහොම අමාරුවෙන් කාමරය අස්සට තල්ලු කරගෙන් කෙලින් දිවූවේ ශවර් එක ලගට .ලයිට් බෝයි සබන් ගාලා නැවට පස්සේ තමයි අපේ ඇගවල් වලට තිබ්බ අමාරුව ගියේ.
                                                                        
                                ළමයින්ට නම් නැවට පස්සේ හරි ගියා එත් හැමෝටම ඒ ප්‍රතිකාරය හරි ගියේ නැ. දෙන්නෙකුට විතරක් පහුවදාත් ඒ අපහසුතාවය ඒ විදියටම තිබ්බා.ඒ වාහනේ දෙකේ රියදුරෝ දෙන්නට.ඒ දෙන්නාට අපි ගාලු පාරේ ගෙදර එන ගමන් පානදුරේ හරියෙදි නවත්වලා පානදුරේ රෝහලෙන් ප්‍රතිකාර ගන්නත් සිද්ද වුනා.කොහොම  හරි ඔය සිද්දියා ගැන මතක් වෙන කොටත් තාම් ඇග කහන්න ගන්නවා.පස්සේ කාලේක අපි කට්ටිය කතරගම ගියාවත් ඔය සිද්දිය මතක් කරලා හිනා වෙනවා.එදා අඩපු ගොඩක් බබාලා දැන් ලොකු වෙලානේ...


ප / ලි :මෙහෙම කසන්න ගන්නේ වසරේ එක කාලයක විතරයි . එක නිසා තිස්ස වැවෙන් නාන හැමෝම හැම කාලේම කසන්නේ නැ .අපිත් පස්සේ ඔය වැවෙන්ම නාලා තියනවා.

Monday, December 26, 2011

අවසරයි

රන් සමනළියක් අද ඉදලා බ්ලොග් අවකාශයේ පියඹන්න අවසර....