අපේ ගෙදර තියන පාරට ඉස්සරහා පාරේ අලුතින් මහා විශාල තට්ටු 3නේ ගෙයක් හැදුවා.මේ ගේ හැදුවේ අවුරුදු ගානක් පිට රට ඉදලා ආපු මනුස්සයෙක්.මෙච්චර කල් දුක් මහන්සි වෙලා හැදුව ගෙදර ට තමන්ගේ බිරිදයි , දුවයි පුතයි එක්ක පදිංචියට ඇවිත් කාලයක් යන කොට ටිකක් බිමට ඇබ්බැහි වෙලා හිටිය මේ ගෙදර තාත්තා හදිසි හදවත් අමාරුවකින් මැරෙනවා.මෙහෙම මේ තාත්තා මැරුනට පස්සේ මේ අම්මයි ළමයි දෙන්නා මේ ගෙදරින් යන්න තීරණය කරලා තියනවා.මේ ගෙදර කුලියට දෙන්න හරි විකුන්න කෙනෙක් හොයලා දෙන්න කියලා කියන්නේ මගේ යාලුවෙක්ගේ අම්මා කෙනෙක්ට.
මේ ඇන්ටි ටිකක් ඔය වගේ බ්‍රොකර් වැඩ කරන කෙනෙක් නිසා පහසුවෙන් කෙනෙක් හොයාගෙන මේ ගේ සල්ලි දිලා ගන්නම.දැන් ඒ ජෝඩුවත් එක්ක මගේ යාලුවගේ අම්මත් යනවා මේ ගේ බලන්න.දැන් මේ ජෝඩුව එක්ක මේ ගේ පුරාම ඇවිදින කොට මේ ඇන්ටිට හිතට දැනෙනවා දැනෙනවා වගේ ලු කවුරු එයා දිහා බලාගෙන ඉන්නවා වගේ ඒත් මේ ඇන්ටි ගනන් අරගෙන නැ.නිකම්ම හිතට දැනෙන දෙයක් කියලා.අර ජෝඩුවේ ගැණු කෙනා මේ ගේ ගන්නම ඕනේ කියනවලු.පිරිමි එක්කෙනා බැම කියනවලු.එයාගේ හිතට මේ ගේ අල්ලන්නේ නැම කියලා කිවුවලු.පස්සේ මේ ගේ ගන්න ආව දෙන්නා හිස් අතින්ම යන්න ගියාලු.
මෙහෙම කාලයක් යනකොට මේ ඇන්ටිගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක් මේ ගේ කුලියට ගන්න කැමති වෙලා මේ ගේ අත්තිකාරකම් එහෙම බැදලා කුලියට ගියාලු.මේ පවුලේ ඉන්නෙත් අම්මයි තාත්තයි දුවයි පුතයි විතරයි.මේ තාත්තා ගුවන් හමුදාවේ වැඩ කරන නිසා නිතරම ගෙදර එන්නේ නැලු.මේ ගෙදර තුන්වෙනි තට්ටුවේ තියන කාමරයක මේ පවුලේ පුතා නැවතුනාලු.අම්මයි දුවයි දෙන්නා දෙවනි තට්ටුවේ කාමරයක නැවතුනාලු.මේ ගෙදර නැවතිලා හිටපු මුල් රාත්‍රියේ ම මේ තුන් දෙනාගෙන් එක් කෙනෙක්ට වත් නිදාගන්න ලැබිලා නැ.එළිවෙනකම්ම මේ තුන්දෙනා ඇහැරිලා ඉදලා තියෙන්නේ.නින්ද යාගෙන එන කොටම ගැස්සිලා ඇහැරෙනවලු.මුලින් මුලින් හිතලා තියෙන්නේ අලුත් තැනක් නිසා හුරු නැති නිසා වෙන්න ඇති කියලා.
ඉලග දවසෙත් මේ ගෙදර දුව ගැස්සිලා ඇහැරිලා වටේ බලන කොට කවුද මනුස්සයෙක් ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවලු.මේක දැක්කාම මේ කෙල්ල බය වෙලා.බෙරිහන් දිලා කැ ගහන්න පටන් ගත්තලු.මේ අම්මාත් නිදාගෙන ඉදලා තියෙන්නේ දුව ලගමයි.කාමරේ දොර ලොක් කරගෙන හිටිය නිසා පිටින් කෙනෙක් ට ඇතුල් වෙන්නත් බැලු.ලයිට් දාලා බැලුවාම කාමරේ වෙන කවුරුත් නැලු.ඉට පස්සේ හැමදාම වගේ මේ ගෙදර කාටවත් නිදහසේ නිදා ගන්න ලැබිලා නැ.සමහර වෙලාවට කවුරු හරි කකුලින් අදිනවලු.නැත්නම් නින්දෙන් ඇහැරිලා බලන කොට කවුරු හරි ලගට වෙලා බලාගෙන ඉන්නවලු.
හොල්මනක් එක්ක එකට වසන්න බැරි නිසා මේ මිනිස්සු මේ ගෙදරින් යන්න තිරණය කරලා.කාටවත් මේ ගැන මුකුත්ම නොකියා මේ අය මේ ගෙදරින් ඉවත් වෙලා ගිහින් කාලෙකට පස්සේ මගේ යාලුවගේ අම්මට මේ අය මුණගැසුන වෙලාවක මේ කතාව කියලා.මේ කතාව ඇහුවාම මේ ඇන්ටිට හින් දාඩිය දැම්මලු.ඇන්ටිට මතක් වෙලා තියනවා ගේ සල්ලි වලට ගන්න ආපු ජෝඩුවත් එක්ක ගේ බලන්න ගිය දවසේ ඇන්ටිට වෙච්ච දේ.මේ කතාව ඇහුවට පස්සේ මේ ඇන්ටි කෙලින්ම ගිහින් තියෙන්නේ අර ගෙදර අයිතිකාරිය හොයාගෙන.ගිහින් මේ කතාව ඇහුවම ඒ මනුස්සයා අඩ අඩා කිවුවලු එයාගේ මැරිච්ච මහත්තයා ඒ ගෙදර ඉන්න නිසා තමයි ඒ ගෙදරින් එයාලා ඉවත් වෙලා ආවේ.වෙන කවුරු හරි පදිංචි වුනාම මහත්තයා ඒ ගෙදරින් යයි කියලා හිතලා.ජිවිත කාලෙන වැඩි කාලයක් හරි හම්බ කරපු ගේ දොර දාලා නොයා මරනෙන් පස්සෙත් මේ මනුස්සයා ඒ ගෙදරම ඉදලා තියනවා.
ගොඩක් කුලියට දෙන්න තියන ගෙවල් වල ඔය වගේ හොල්මන් සීන් තියෙනවා.මම දන්න තවත් කුලියට දෙන ගෙදරක බාත් රුම් එකේ කොච්චර ෂවර් එක වැහුවත් වහලා හැරෙන කොට ආයේ ෂවර් එක කුස්සියේ සින්ක් එක ඇරලා දානවලු.ඒ ගේ නම් මේ ලගදි බිමටම සමතලා කරලා දැම්මා.කුලියට හරි සල්ලි වලට හරි ගෙයක් ගන්න කලින් ඒ ගේ ගැන හොදට හොයලා බලන්න අමතක කරන්න එපා.