Showing posts with label පරණ මතක. Show all posts
Showing posts with label පරණ මතක. Show all posts

Wednesday, May 16, 2012

අතැගිලි බන්දන නොපතමි පෙමින් බැදි

                                                      

මේ 2010 ජනවාරි

                                        හුග කාලෙකින් ගිය නැති වුනත් හසි ව බලන්න මම එයාගේ ගෙදර ගියේ මා එක්ක කතා කරන්න ගොඩක් දේවල් හසිට තියනවා කිවුව නිසා.වෙනදා වගේම ගේට්ටුවට තඩ්බාලා තඩිබාලා ගේට්ටුව ඇර ගත්තා..ඒ වුනාට හසියා ගාව වෙනදා නැති වෙනසක් මම දැක්කා.      

" කෙල්ල දැකපු කල් මොකද මේ ඇදිලා ගිහිල්ලා ....කියපන් කියපන් මොකද්ද අවුල කියලා.."

" නැ බන් කිසි සතුටක් නැ මගේ හිතේ හැම දේම කල කිරිලා ඉන්නේ මම"

"ඒ මොකෝ ඇයි විභාගයක් වත් ඩවුන් උනාද?"

"හම්ම්ම් නැ ...විභාග ඩවුන් නොවි ඉන්න ගිහින් තමයි මේ ටික වුනේ."

"හරි ඉතින් කියහන් මොකද උනේ කියලා?????????"

                                               කවදත් කොප්ප රෙදි හොදන්න අපි රිංගන්නේ  හසිගේ ගෙදර උඩ කාමරය ...දෙවන මහලේ කොනකට වෙන්න තිබ්බ පුංචි කාමරයට ..වෙනදා වගේම ඒක ඇතුලට රිංග ගත්ත පස්සේ ලොකු හුස්මක් එහෙම ගත්ත සදියා කම්පියුටරේ ඔන් කරලා සිංදුවක් ප්ලේ වෙන්න දැම්මා.මෙන්න මේක අහපන්කෝ මේක තමයි මගේ ජාතික ගීය වෙලා තියෙන්නේ.

මං හින්දා ඔබේ නෙතගින් කදුළක් හෙලන්නෙපා
මං හින්දා ඔබේ හදතුල සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා

අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවි
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදි
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වුදා

අතැගිලි බන්දන නොපතමි පෙමින් බැදි
ඔබ සිරකරලන දොරගුලු දමනු බැරි
නැකුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ
පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ


"මොකක් ඒ මොකද්ද ඒ වෙලා තියෙන්නේ ..මේකේ අනිත් නලුවා යුනි එකේ එකාද?"

"හ්ම්ම්ම් ඔව් බන් ඇයි එදා මම ඔයාට පෙන්නුවේ අර ෆොටෝ එකක් අන්න එකේ හිටියේ එයා තමයි."

"හරි හරි දැන් කියන්නකෝ මොකද්ද වුනේ වෙන්න යන්නේ කියලා?"

"සදිත් අයියගේ නංගි මගේ හොදම යාලුවෙක් මේ යාලු කම නිසාම සදිත් අයියා ගෙන් තමයි මට අමාරු පාඩම් එහෙම මම අහගත්තේ...ඔහොම කාලයක් යන කොට එයා මට හොද යාලුවෙක් වුනා තව කාලයක් යන කොට එයා ව මගේ ජීවිතේට නැතුව බැරි වෙන තරමට කිට්ටු කෙනෙක් වුනා ඒක කවදා කොහොම කොතනදි වුනාද කියලා මම වත් දන්නේ නැ.අද වෙනතුරු අපි දෙන්නම දන්නේ නැ ඇඵෛ අතර එහෙම දෙයක් ඇති වුනේ කොහොමද කියලා.සමහර විට එයා හොයපු ගැහැණු කෙනා මා ලග ඉන්න ඇති .මම හොයපු පිරිමියා එය ලග ඉන්න ඇති."

"ඉතින් මම ඕක නොදන්න දෙයක් නෙමේනේ.එදා ෆොටෝ එක පෙන්නලත් කිවුවෙත් ඔය ටිකමනේ.දැන් මොකද ප්‍රශ්නේ?"

"මේකයි සදිත් අයියාට පොඩි කාලේ ඉදලම එයාගේ තාත්තගේ යාලුවෙක්ගේ දුවෙක්ව ප්‍රොපොස් කරලා තිබිලා තියෙන්නේ.ඒ කෙල්ලත් සදිත් අයියගේ කරේ එල්ලෙන්න බලාගෙනම ඉන්නේ.සදිත් අයියා මේ කසාදේම එච්චරම කැමැත්තක් නැ.එයාගේ චොයිස් එක ඒ කෙල්ල නෙමේ නිසා."


 "ඉතින් මොකද්ද මෙතන තියන ප්‍රශ්නේ ...කොල්ලා ඒ කෙල්ලට අකමැති නම් තාත්තට කියලා උඹ ගැන කියලා තිරණයක් ගත්ත නම් හරිනේ."

"එයා පවුලේ එකම කොල්ලනේ  එයාට බැහැලු ගෙදරට විරුද්ධ වෙන්න ඇරත් මාව හම්බවෙනකම් එයාට එච්චරම ඒකට විරුද්ධ වෙන්න වුවමනාවක් තිබුනේ නැලු.දැන් විරුද්ධ වෙන්න දැන් ප්‍රමාද වැඩි වෙඩින් එකට දිනත් නියම වෙලා තියෙන්නේ කියලා."

"මොකක් එහෙනම් මොන කෙහෙල් මලකටද උඹට බලාපොරොත්තු දුන්නේ?පිස්සෙක් නේ."

 "මේ ලොකේ වෙන්නේ වෙන්න තියන හොදම දේ තමයි.ඒක නිසා මේකත් ඒ වගේම සිද්ධ වුනාවේ කියලා මම හිත හදාගන්නවා කොහොම හරි.ඒත් අමතක කරන්න අමාරු සමහර දේවල් මතක් වෙන කොට මගේ හිත රිද්දනවා.ඒ දේවල් මම ආදරේ නිසා කරපු දේවල්."

"අනේ මන්දා ඔයාව ගෙදර මිනිස්සු හදපු වඩපු විදියට මේ සමහර දේවල් ගෙදර අය දැන ගත්තොත් පපුව පැලිලා මැරෙයි."

"ඔව් .ඒක ඇත්ත.මම අපේ තාත්තට මේ ගැන කියලා ඇඩුවොත් තාත්තා සජිත් අයියාගේ මගුල නවත්තලා දෙකෙන් එකක් වෙනවා.ඒත් මට එහෙම ඕනේ නැ.මට ආයේ නිවැරදි කරන්න බැරි දෙයක් වෙලා නැනේ.ඒක නිසා ඒ ආදරේ හැමදාම මා ගාව තියාගෙන මම ඉන්නවා."

                  එදා මේ කතාවෙන් පස්සේ මම ආපහු ගෙදර එන්න ආවේ මේ ලොකේ මිනිස්සුන්ගේ ජීවිත ගැන හුගක් දේවල් හිත හිතා.

මෙහෙම පැ‍ය දින සති ගෙවිලා ගියා ඔය අතර මම මට පුළුවන් වෙලාවට මගේ යාලුවට දුරකතන ඇමතුමක් දීලා එයාගේ දුක සැප හොයලා බැලුවා.ඔහොම කාලයක් යනකොට සදිත් අයියාගේ විවාහ දින කිපයකට කලින් මම මගේ යාලුවට දුරකතන ඇමතුමක් දුන්නාම හසියා කියනවා.

මේ 2010 අගෝස්තු
"මේ උඹ දන්නවද මට වෙඩින් එකට එන්න කියලා ආරාධනා පත්‍රයක් ලැබුනනේ.සදිත් අයියගේ නංගි මගේ හොදම යාලුවෙක් නිසා මට එන්නම කියලා වදේ.එයා දන්නේ නැ මට මේ වගේ ප්‍රශ්නයක් තියනවා කියලා.මම මොකද්ද කරන්නේ කියලා මට තේරෙන්නේ නැ.මම එතන ට ගියොත් ටැප් එක ඇරියා වගේ ඇඩෙනවා ෂුවර් මට යන්න බැ."

              කොහොම කොහොම හරි අවසානේදි හසියා තිරණය කලා සදිත්ගේ හොම්කමින් එකට නොයා ඉන්න.විවාහ මංගල්‍ය දවසේ උදේ මනමාලයා පාන්දර 3ට හසියාට කෝල් එකක් දිලා කතා කරලා තමන්ගේ ඉරණම් ගමනක් යන්න ලැස්ති වෙලා ඉන්න බව කියලා තිබුනා.කොයි තරම් හිත හදාගෙන හිටියත් ඒ වෙලාවේ නම් හසියාගේ ඇස් වල හිර වෙලා තිබුනු කදුලු එලියට පැන්නත් ඒ හැම දේම දරාගෙන සදිත් ට සුභ පතලා ජංගම දුරකතනය විසන්ධි කරලා.

                    සහොදරියක් වගේ ඉන්න මගේ යාලුවට ඒ කොල්ලා අතින් වෙලා තියන අසාධාරණයක්.ඒත් මගේ යාලුවට සාධාරනය ඉෂ්ට වෙන්න ගියොත් තව මේ ලෝකේ කවුරු හරි කෙල්ලෙක්ට අසාධාරණයක් වෙනවා කියලා මට ඒ වෙලාවේ ටිකකට අමතක වුනා.ඒත් වෙන කෙනෙක් හිතේ තියාගෙන තමන්ගේ දෙමවුපියෝ වෙනුවෙන් හරි කියලා තවත් කෙනෙක් එක්ක විවාහ වෙලා දරු මල්ලෝ හදාගෙන ජීවිත කාලේම ජීවත් වෙන එක කොයි තරම දඩුවමක් ද?අපි හැමෝම රහත් වෙලා නැ...ලේ මස් නහර වලින් හැදුනු මිනිස්සු.මිනිස්සුන්ට හැගිම් දැනිම් තියෙනවා ඒ නිසා ඒ දෙන්නා අතර ඒ වගේ සම්බන්දතාවයක් ඇති වෙන්න ඇති .මේක මේ ලොකේ සිද්ද වුන තව එක දෙයක් විතරයි .කාලයත් එක්කම මේ හැමොම තමන්ගේ  ජිවිත ගමන් ඉදිරියටම ගියා.සදිත්ගෙත් හසියගේත් ආදර කතාව දැන ගෙන හිටියේ කිප දෙනෙක් විතරක් නිසා මේ දෙවල් කාලෙත් එක්කම වැලැලිලා යයි.
 
                                ඕනම කෙනෙක්ගේ හිතේ පුංචි කාලේ ඉදලම ටිකෙන් ටික හීන කුමරයෝ කුමාරියො මැවෙනවා.ඒ සිතුම් පැතුම් වලට සියට සියක් ගැලපෙන අය කාටවත්ම ලැබෙන්නේ නැ.ඒත් ඒ ස්වරුපයට ලගින් යන කෙනෙක් දැක්කාම අපේ හිත් ඒ අය ගාව නවතිනවා.මේ අතරින් කියෙන් කී දෙනාටද ජීවිත කාලේම ඒ අය ලග නවතින්න වෙන්නේ.සමහර අය මුන ගැහෙන කොටම වෙන කෙනෙක්ට අයිති වුන කෙනෙක් වෙන්න පුලුවන්.කවුරු මොනවා කිවුවත් ලොකේ වෙන්නේ වෙන්න තියන හොදම දේ කියලා හිත හදා ගන්න එක තමයි හොදම වැඩේ.

Friday, December 30, 2011

තිස්සමහරාම තිස්ස වැවෙන් නාන්නේ පරිස්සමෙන්.....


                               
                                 අපේ තාත්තා අවුරුදු දෙකකට සැරයක් කතරගම කිරින්ද නිමල ආරාණය සේනාසනයට දානයක් දෙන්න යනවා.මේ දානේ දෙන්න යන කොට අපේ පවුලේ කට්ටියට අමතරව අපේ ගේ වටේ ඉන්න පවුල් 3කුත් අපිත් එක්ක යනවා. වසර දෙකකට වරක් තමයි අපේ දානේ වාරේ එන්නේ.අපි හැමෝම හරිම ආසාවෙන් තමයි බලාගෙන ඉන්නේ අපේ දානේ වාරේ එනකම් දානේ දිලා ඉවරවෙලා අපි කතරගමත් ගිහින් තමයි ආපහු ගෙදර එන්නේ.මේ සිද්දිය වුනේ 2006 දි .ඒ අවුරුද්දේ අපේ දානේ වාරේ ආවා.ඔන්න ඉතින් සුපුරුදු පරිදි කට්ටිය දානේ දීලා ඉවර වෙලා දාන ශාලාව එහෙම අස් කරලා තම තමන්ගේ බඩු ලැස්ති කරගෙන ආපහු වාහන වලට එහෙම පටව ගත්තා.
                                              දැන් අපි මේ පිටත් වෙන්න හදන්නේ කතරගම යන්නයි.කලින් දවසේ රැ නිදි මරලා මහන්සි වෙලා හිටපු අපේ කට්ටියට ඉලගට ඕන වෙලා තිබ්බේ වැවකට බැහැලා නාගන්නයි.නිමලව තියෙන්නේ කිරින්දටත් තිස්සමහරාමයත් අතර යාල යන පාරේ .ඔය හරියේ ආසන්නයේම තියන වැව තමයි යෝධ කණ්ඩිය වැව.ඔය වැවත් සාමානයෙන් ගොඩක් විශාල වැවක්.අපි යන කාලේ මේ පැවිල්ලට මේ වැව හිදිලා තිබ්බේ වැඩිය වතුර එහෙම නැ.තැන් තැන් වල පුංචි පුංචි වතුර වල වල් වල වතුර තිබ්බා.කොච්චර මහන්සි උනත් අපි කට්ටියට ඕන වෙලා තිබ්බේ වැවේ වතුරේ නට නටා ඉදලා නාන්න .ඒ වෙන කොට අපි ඔක්කොම ඉස්කොලේ යන වයසේ ලමයි.ලොකු අයට නම් වතුර ටිකක් නාගන්න තිබ්බොත් ඇති ගානට හිටියේ. ඒත්  පොඩි හිටියෝ වෙච්ච අපි නම් මේ වතුර අඩු වැවේ නාන්න කොහෙත්ම කැමති උනේ නැ.අපේ බලවත් විරෝදය මැද්දේ යෝධ කණ්ඩිය වැවෙන් නාන්නේ නැතුව තිස්සේ තියන තිස්සමහාරාම වැවෙන් නාන්න තිරණ්ය කරලා අපි ගියා තිස්සමහාරාම වැව ලගට ගිහින් අපේ වාහන නැවත්තුවේ වැව අයිනේ යාල යන්න ඩිෆේන්ඩර් නවත්තලා තියෙන්නේ අන්න එතන තමයි අපි නාන්න තිරනේ කරපු තැන.

                                          ඔතන නාන්න වැවට  බහින්න පඩි පෙල් පවා හදලා තියනවා.තිස්සමහාරාමේ වැව නම් පිරිලා ඉතිරිලා යන්න වතුර තිබ්බා.මිට කලිනුත් අපි කතරගම ආවාම ඔතනින් නාලා තමයි යන්නේ.එක නිසා ඔතනින් නාන එක ගැන ආයේ දෙපාරක් හිතන්න දෙයක් තිබ්බේ නැ අපිට.ඔතන නාන්න වන්දනා නඩ ආවාම බැදපු මාලු ඉස්සෝ , දෙළුම් එහෙම විකුන්න මිනිස්සු එනවනේ.අපි එහෙම ආව එක්කෙනෙක්ගෙන් දෙලුම් එහෙමත් ගත්තා.වැඩිහිටියන්ට පෙර පොඩිහිටියෝ ටික ඉස්සර වෙලා වතුරට පැනලා කැ ගහනවා නටනවා දිය යටින් යනවා උඩින් යනවා සෙල්ලම් ගොඩයි. මේ හැමොම ගියේ වාහන දෙකක  මේ වාහන දේකේ ඩ්‍රැයිවර්ලා දෙන්නත් වැවට බැහැලා නානව.අපි  ඔක්කෝම  කට්ටිය 20ක් විතර වැවේ පෙරලි පෙරලි නානවා.ටැප් එකෙන් හැම දාම නාන අපිට වැවට බැහැලා නානවා කියන්නේ ඉතින් ලොකු දෙයක්.අනේ ඒ උනාට මේ සතුට තිබ්බේ ඉතාම කෙටි කාලයයි.දන්නවද  වෙච්ච දේ.පොඩි ලමයින්ට ඇති වෙනකම් නටන්න දිලා අම්මලා පොඩි අයට වැවෙන් ගොඩට ඇවිත් පිහිදා ගන්න කිවුවා.
                              
                වැවෙන් ගොඩට ආව අපි හැමෝම ඉවසාගන්න බැරි දරුණු දුකකට තමයි මුන දෙන්න වුනේ.ඉස්සෙල්ලාම පටන් ගත්තේ පොඩි උන් ටික .මොකද දන්නවද වුනේ අපි හැමෝගෙම ඇගවල් කහන්න ගත්තා බොහෝම දරුනු විදියට එක ඉවසාගෙන දරාගන්න බැරි තරමේ අමාරුවක්.අම්මලා තාත්තලා අපි හැමෝම ඇගවල් කහනවා. හරියට දළඹුවෝ ගැ වුනාම කහන්නේ අන්න ඒ වගේ දළඹුවෙක් ගැවුනා නම් අපි හැමෝගෙම මුලු ඇගම කහන්න විදියක් නැනේ.කසලා කසලා රතු පාට වෙලා බිබිලිත් ඇවිත් තිබුනා.ඉවසගන්න බැරි උන සමහරු අඩනවා.මේ මමත් ඇඩුවා.අම්මලා ට හරිම දුකයි මිට ටිකකට කලින් හරිම සතුටින් හිටපු ලමයි ටික අඩනවා.ඉක්මනට නාලා ගොඩට ආව අයට ඒ තරම්ම අමාරුවක් නැති වුනත් විනෝදෙන් ඉදලා එහෙම උනාම හිතට අමාරුයිනේ.ඉට පස්සේ අපිට අර දෙළුම් විකුනපු මනුස්සයට අපි කහනවා දැකලා ඇවිත් කියනවා

 “ඇයි දන්නේ නැද්ද මේ කාලේට වැවේ වතුර කුබුරු වලට යවන්න්නේ නැනේ එක නිසා ගස් වල කොළ වැටිලා වතුර පල් වෙනවා ඒ කාලේට නැවාම ඇග කහනවා එක නිසා ගමේ මිනිස්සුවත් නාන්නේ නැ"

            .ඔය වෙලාවේ තමයි හිතුනේ එකගේ බෙල්ල මිරිකන්න ඕක අපි නාන්න ඇවිත් බහින කොට කිවුවා නම් ඉවරයිනේ.එහෙම කිවුවා නම් මිනිහට මොනවා හරි විකුන ගන්න තිබ්බ අවස්තාව නැති වෙනවනේ .එක නිසා නොකියා ඉදලා තියෙන්නේ.වැඩේ වුනාට පස්සේ ඔතන කැ ගහලා වැඩක් නැනේ. බොහොම අමාරුවෙන් බැග් ටික පටවගෙන අපි  කට්ටිය ආයෙත් වාහනේට නැගලා කතරගම යන්න පටන් ගත්තා.ඔහොම යන අතර මගදි හැමොම වදුරෝ රංචුවක් වගේ කහනවා ඇගවල්.අම්මලා තමන්ට තියන අපහසුතාවේ අමතක කරලා ලමයින්ගේ ඇග කහනවා.එකම විකාරයයි.හොදම පවු වැඩේ වුනේ රියදුරො දෙන්නට කහන එක අමතක කරලා වාහනේ පදින්න වුන එක.
                                
                           කොහොම හරි අපි කතරගමට යන අතරමගදි කඩෙකින් ගත්තා ලයිට්බොඉයි සබන් කැට ටිකකුත්.පැනඩොල් බිවුවාමත් ටිකක් විතර අඩු උනා එත් ආපහු කසන්න ගන්නවා.කොහොම හරි අපි කට්ටිය කතරගම විශ්‍රාම ශාලාවට ගිහින් කාමර 2ක් ගත්තා.කට්ටිය අඩුම් බැග් ටික බොහොම අමාරුවෙන් කාමරය අස්සට තල්ලු කරගෙන් කෙලින් දිවූවේ ශවර් එක ලගට .ලයිට් බෝයි සබන් ගාලා නැවට පස්සේ තමයි අපේ ඇගවල් වලට තිබ්බ අමාරුව ගියේ.
                                                                        
                                ළමයින්ට නම් නැවට පස්සේ හරි ගියා එත් හැමෝටම ඒ ප්‍රතිකාරය හරි ගියේ නැ. දෙන්නෙකුට විතරක් පහුවදාත් ඒ අපහසුතාවය ඒ විදියටම තිබ්බා.ඒ වාහනේ දෙකේ රියදුරෝ දෙන්නට.ඒ දෙන්නාට අපි ගාලු පාරේ ගෙදර එන ගමන් පානදුරේ හරියෙදි නවත්වලා පානදුරේ රෝහලෙන් ප්‍රතිකාර ගන්නත් සිද්ද වුනා.කොහොම  හරි ඔය සිද්දියා ගැන මතක් වෙන කොටත් තාම් ඇග කහන්න ගන්නවා.පස්සේ කාලේක අපි කට්ටිය කතරගම ගියාවත් ඔය සිද්දිය මතක් කරලා හිනා වෙනවා.එදා අඩපු ගොඩක් බබාලා දැන් ලොකු වෙලානේ...


ප / ලි :මෙහෙම කසන්න ගන්නේ වසරේ එක කාලයක ට විතරයි . එක නිසා තිස්ස වැවෙන් නාන හැමෝම හැම කාලේම කසන්නේ නැ .අපිත් පස්සේ ඔය වැවෙන්ම නාලා තියනවා.