Monday, May 7, 2012

මෙහෙමත් පිනක්

                                
 



                                                                        මේ ගෙවිගෙන යන්නේ වෙසක් සතියයි.....වෙසක් එකට ලැබුන නිවාඩුව ඉවර වෙලා ඔෆිස් එකට ඇවිත් වැඩ පටන් ගන්න කලින් කට්ටිය වෙසක් දවස් වල තමන් ගත කරපු හැටි කියවන්න ගත්තා...ඔය අතරේ අපිත් එක්ක ඉන්න වයස් ගතම කාන්තාව අපි එයව සුකි කියලා හදුන්වමුකෝ.මෙයා වෙසක් දවසේ සිල් අරගෙන , ඉට පහුවදා දඹුලු විහාරය වැදලා රැස් කරගත් මහා පින් බලයෙන් ප්‍රිතියට පත්වෙලා තමන්  රැස් කරගත්ත පින් කන්ද ගැන නැවත නැවත සිහි පත් කරලා සතුටු වුනා.අහගෙන හිටපු අපිත් ඉතින් සතුටට පත් උනා.එක එකාට ගොට්ට අල්ලන්නේ නැතුව එහෙම වත් පිනක් රැස් කරගත්ත නිසා.
                                                              
                                                           වසර ගනනාවක් ගොටු අල්ලලා පල පුරුද්ද නිසාම ගොටු ඇල්ලිම සම්බන්දයෙන් එයා හොද ප්‍රවිණයෙක්.අවිවාහක වයස අවුරුදු 55 ක් වයසක කාන්තාවක් ...එයාගේ හොද වගේම නරකත් තියනවා. ආත්මාර්තකාමිකම , ඉරිසියාව , කුහකකම වගේ දේවල් එයාගේ අවිවාහක ජීවිතේ නිසා එයාට පුරුදු වුන දේවල්.ඔෆිස් එකේ ටයි දාන ඕනේම මහත්තයෙක්ට කැම බිම  ගෙන එම ,රටේ ඕනැම නගරයකදි පොලිසියෙන් රියදුරු බලපත්‍රය ගත්තොත් දඩ මුදල ගෙවා රියදුරු බලපත්‍රය අතටම ගෙනත් දිම , ඕනැම ගුවන් සේවා වකින් ඔනැම රටකට ගුවන් ටිකට් පත් ගෙන්වා වෙන් කරවා දිම මෙකි නොකි සේවාවන් ටයි දමා ගත් ඕනැම මහත්තයෙක්ට කරලා දෙනවා.අපේ ඔෆි එකේ මැනේජර් කෙනෙක්ට  බුදු අම්මෝ කන්න බැ කියද්දි  ඉස්සෝ ඩෙවල් දාලා ගෙනවා , මස් බැදලා ගේනවා , කජු කිලෝ ගනන් ගෙනල්ලා අර මිනිහට කවනවා..මොන පිස්සුවක් ද මන්දා.උදේම ගෙදරින් ඉදි ආප්ප හදාගෙන එනවා...මුං කිරි බත් හදාගෙන එනවා....මේ ඕනේම දේකින් මැනේජර් ගේ කොටස වෙන් කරලා තමයි කන්නේ.

                                       කොහොම හරි මෙහෙම කාලයක් ගත වෙනකොට අපේ හෙඩ් ඔෆිස් එකෙන් මේ මැනේජර් ගැන පැහැදිලා වැඩි කමට මාස 3ක පඩි දිලා මිනිහව ගෙදර ‍යැවුවා.ඒත් මිනිහා අපිව බබා කරවන්න කිවුවේ මේ ආයතනය හොද නැති නිසා වෙන ආයතනයක සේවයට යන්න ඉල්ලා අස් වුනා කියලා.ඒත් ඒ වෙනකොටත් මිනිහව දොට්ට දාලා කියලා අපි දැනගෙන හිටියේ.


                                            අපි ගොඩාක් දුක් වුනේ අනේ ඉතින් මේ සුකි ආයේ කාටද කැම බීම දීලා සලකන්නේ කියලා මෙයා දැන් ගියාම කියලා.කොහොම හරි දැන් මේ මැනේජරයා යන්න ගියා ටික කාලයක් එහේ මෙහේ කැරකි කැරකි ඉදලා අපේ ඔෆිස් එකට කිට්ටු තැනක ජොබ් එකක් ලැබිලා.සුකි ඉතින් කොල් කරනවා දුක සැප අහනවා...කැවද අහනවා..අනේ ඉතින් පුරුදු විදියමයි...හැබැයි මැනේජරයා කොල් කරන්නේ සල්ලි කියක් හරි ඩැහැ ගන්න ඕනේ උනාම එයාට වාසි දේවල් වලට විතරයි.නොම්බර එකේ සල්ලාල ජිවිතයක් ගත කරන මිනිහට හම්බ කරන ගාන මදි වියදම පියවගන්න.
.
                                            මේ මොඩ ගැණි පුරුදු පරිදිම අර මැනේජර්ට කෝල් කරලා වෙසක් ගත කල ආකාරය දඹුලු ගියපු හැටි කියලා එහෙම අහනවා මිස්ටර්  ඔයා අද දවක් කැම වෙලාවට මේ පැත්තට එන්න මම ඔයාට බැටලු මස් උයලා ගෙනාවා කන්න...මේක අහගෙන හිටපු මට හිතුනා අයියෝ පින කියලා.

6 comments:

විමුක්ති said...

පිනක් කියන්නෙ එසේමෙසේ පිනක්ද?මෝඩකමක මහත,,

සරත් ලංකාප්‍රිය said...

අනේ හැබෑට මමත් ඔෆිස් ගණනාවක වැඩ කළා ...එහෙකවත් හිටියේ නැහැනේ මේ වගේ පින්වත් ඇත්තියක් කෑම ගෙනත් දෙන්න..

රන් සමනළියක් said...

@ විමුක්ති -අනේ එයාගේ මෝඩකම් ගැන පොතක් ලියන්න පුලුවන්

@ ලංකාප්‍රිය - මගේ මුල්ම ඔෆිස් එකෙදිම මට ඒ පින ලැබුනා.ඒ කියන්නේ ලංකාවටම එකයි...මෙහෙම පින් ඇත්තියෝ

Dinesh said...

දනට පිනට කැමති මනුස්සයෙක් වගේ.. :)

වින්චැට් කිරිල්ලි. said...

මෝඩකමට බෙහෙත් නැතුලු...හික්ස්.

Anonymous said...

he he mekanam sahatika aththa macho matath eka ehemama hituna eda