Friday, March 30, 2012

රැ 12 ට සොහොනක් උඩ යකෙක්

                


                                                                                                 අපේ ඔෆිස් එකේ ඉන්න වැඩිහිට්ම  පුද්ගලයා තමයි ප්‍රෝෆෙසර් ..සමහර වෙලාවට එතුමගේ ජීවිතේ වුන සමහර අත්දැකිම් අපිත් එක්ක කියනවා ...එහෙම කිවුව එක අත්දැකිමක් තමයි මේකත් ..අපේ ප්‍රෝෆේසර් රැ 12 ට යකෙක් දැක්ක හැටි...අපි ප්‍රෝෆේසර්ට ගරු කරනවා ඒත් මේ කතාව කියන්න පහසුවට අපි ප්‍රෝෆේසර්ට උපාලි කියලා කියමුකෝ.

ඕන්න උපාලිට අවුරුදූ 16ක් 17ක් විතර කාලේ දානේ ගෙදරක ඉදලා නැන්දගේ පුතත් එක්ක ගෙදර එන්න පිටත් උනාලු..මේ නැන්දගේ පුතා උපාලිට වඩා වැඩිමහල් එක් කෙනෙක්..පයින් තමයි මේ දෙන්නට ඇවිදගෙන යන්න වෙලා තියෙන්නේ.මේ යන අතරමැද දි සොහොන් දෙකක් පහුකරගෙන යන්න තියනවලු.ඉස්සර ගම් වල කෙනෙක් මැරුනාම වලලන්න පොදු සුසාන භූමියට ගියේ නැනේ.ඒ කාලේ බොහෝ දෙනෙක්ට යහමින් ඉඩකඩම් තිබ්බ නිසා තම තමන්ගේ වතු වල තමයි භූමි දානේ කලේ.දැනටත් ගම් වල මෙහෙම කරනවා හැබැයි අසල්වැසියෝ කාගෙන වත් විරෝධයක් නැතිනම් විතරයි.


එදා හද පායලා තිබ්බ දවසක් නිසා විදුලි පන්දමක් වත් හුලු අත්තක් වත් නැතුව තමයි මේ දෙන්නා මේ ගමන යන්න පිටත් වෙලා තිබිලා තියෙන්නේ...ඔන්න අයියයි මල්ලියි දෙන්නා කතා කර කර යනවලු..සොහොන පහු කරන්න මිටරයක් විතර තියලා අයියා මල්ලිට කියනවලු

"මල්ලි උබ මගේ එහා පැත්තට වරෙන් "
එහෙම කියලා මේ දෙන්නා ඇවිදගෙන ගියපු ගුරු පාරේ සොහොන තිබ්බ පැත්තෙන් අනිත් පැත්තට උපාලිව ගත්තලු..දැන් මේ අයියා මල්ලි දෙන්නා සොහොන ලගින් යනවලු...එහෙම යන ගමන් උපාලි අයියගේ ඇගට මුවා වෙලා සොහොන දිහා හොරෙන් වගේ බැලුවලු එහෙම බලන කොට උපාලි දැක්කලු අර සොහොන උඩ ඉදගෙන හැඩපලු ගෙතුන කොන්ඩයක් යකෙක් පෙරේත තට්ටුවක් බිම පෙරලගෙන කනවලු .මේක දකින කොට වෙලාවත් රැ 12 ට ඔන්න මෙන්න වගේ නිසා හොදටම බය උන උපාලි අහක බලාගෙන අයියට මේ ගැන මුකුත් නොකියම අයියා එක්කම අඩිය ඉක්මන් කරලා සොහොන පහු කරගෙන ගියාලු.සොහොන පහු කරගෙන ගිය අයියා කියනවලු
"මල්ලි පොඩ්ඩක් මෙතනම ඉදපන් ..මම පොඩි බඩුවක් දැක්කා..මම ගිහින් බලලා එන්නම් කියලා
එතකොට උපාලිට තේරුනාලු අයියා මේ කියන්නේ  අර සොහොන උඩ හිටපු යකා ගැන තමයි.අයියා එක බලන්න යන අතරේ යකා කොහෙන් හරි ඇවිත් මාව අල්ල ගත්තොත් කියලා අයියට කිවුවලු
"අපෝ මට නම් බැ ..මෙතන ඉන්න මම ත් එනවා යන තැනකට"

" හ්ම්ම් හ්ම්ම්ම් එනවකෝ මගේ පිටිපස්සෙන්" කියලා අයියා කිවුවලු.දැන් ඔන්න එඩිතර අයියා ඉදිරියෙන් මල්ලි පිටිපස්සෙන් යනවලු.ඔන්න දැන් යකාව හද එලියට හොදට පෙනවලු

යකාගේ පිටිපස්සෙන් ගියපු අයියා යකාට මීටරයක් විතර තියලා යකාගෙන ඇහුවලු
 "කවුද යකෝ ඔතන ඉන්නේ කතා කරපන්කෝ "

යකාගෙන ප්‍රතිචාරයක් නැලු..යකාගේ ලගටම ගියපු අයියා යකාගේ පිට හරහා හොද පාරක් ගැහුවලු.ඒ පාර වදිනවත් එක්කම කෙදිරි ගාගෙන යකා පිටිපස්ස හැරිලා බැලුවලු.යකා හැරිලා බලනකොට උපාලිට මුත්‍රා පිටවෙන්න ඔන්න මෙන්න වගේලු .කැරලි කැරලි ගැහිලා හැඩපලු ගෙතුන කොන්ඩයක් තියෙන දිග නියපොතු තියෙන  කලු පාට ඇස් ලොකු යකෙක් රැ 12ට දැක්කාම එහෙම නොවි තිබුනොත් නේ පුදුමේ.පිටට වැදුන පාර නිසා යකා කේන්තියෙන් මේ අයියයි මල්ලියි දිහා බලාගෙන ඉන්නවලු..යකාට වැඩිය තරහින් ඉදපු අයියා ආයෙත් ගැහුවලු යකාට පයින් පාරක් ..ගහලා කිවුවලු
" දුවපිය මෙතනින් මේ පොඩි ඇයෝ බය නොකර"

පයින් පාර කාපු යකා අඩාගෙන කැළෙත් කඩාගෙන දිවුවලු..

මොකද්ද දන්නවද එදා ඇත්තටම වෙලා තියෙන්නේ ....පාරේ එහෙ මෙහෙ ඇවිදින පිස්සු මනුස්සයෙක් කොහේද තිබ්බ පෙරේත තට්ටුවක් සොහොන ලගට ගෙනත් එකේ තියෙන ජාති සොහොන උඩ ඉදගෙන කකා ඉදලා.

6 comments:

සාතන් said...

මෙච්චර කාලයක් ගිහින් මට බැරිවුනානෙ හොල්මන් කතාවක් ලියන්න...

Dinesh said...

ඒ වෙලාවේ හැටියට ඉතින් කාට උනත් බය වෙනවනේ..

හිස් අහස said...

හරි හමා යක්‍ෂයෙක් දැක්ක දාට තමයි වැඩේ වෙන්නේ

සරත් ලංකාප්‍රිය said...

මුටත් ඕක කන්න වෙනතැනක් තිබ්බේ නැහැනේ..

වැසි දැරිය - The Rain Girl said...

හය්යෝ හොම්මං කතාවක් කියලා කියවන්න ගත්තෙ.බැලින්නං හොම්මි නෙවෙයිනේ.ෆොටෝ එක නම් මරු!

Anonymous said...

Mama nam hithuwema aththa yakek kiyala. Eth Ithin apita wada yakku koheda dan kaaley...
Kalekin oyage site ekata awe...