Tuesday, January 31, 2012

දැවැද්ද සහ මනමාලී



                                     මගුල් ගෙදරකට කවුරුද අනිවාර්ය්යෙන් එන්න ඕන ....ඕනම කෙනෙක් කියයි මනමාලියි මනමාලයයි කියලා..ඇත්ත කවුරු නැතත් කසාද බදින උන් දෙන්නා ඉන්න ඕනෙනේ...මගුල් ගෙදරට මනමාලියි මනමාලිගේ පැත්තේ අයයි මේ හැමෝම ඇවිත් මනමාලයා නැවිත් හිටියොත් මොකද වෙන්නේ..එහෙමවුන වෙඩිමක් පසු ගිය කාලේ සිද්ද වුනා.

                 හැබැයි මේක විවහ යෝජනාවකට අනුව සිද්ද වෙන්න ගිය මගුලක්. ඉස්සර මනාල ජෝඩුව මගුල් දවසේ ඉස්සෙල්ලාම දකින්නේ පෝරුවට නගින්න ආසන්නම මොහොතක.ඒත් දැන් තියන ජායාරුප කලාව නිසා ඉස්සෙල්ලාම වෙන්නේ උදේ හයට විතර මනමාල ජෝඩුව යන්න ඕන ජායාරුප වලට පෙනි හිටින්න. එහෙම ජායාරුප වලට පෙනි ඉදලා ආයේම දෙන්නා වෙන වෙනම කාර් 2ක නැගලා චාරිත්‍ර කරන තැනට යනවා.මේ මනමාලයටයි මනමාලිටයි දෙන්නට ජායාරුප ශිල්පියා එදා උදේම එන්න කියලා තිබ්බා.මනමාලි තමන්ගේ ජිවිතේ ලස්සනම දවසේ උදේම ලක ලැස්ති වෙලා ගියා ඉතින් ජායාරුප ශිල්පියා මනමාලියි මනමාලිගේ යෙහෙළියෝ , පුංචි මල් කුමාරියෝ විතරක් ඉන්න ලස්සනම ලස්සන ජායාරුප ටිකක් ගහගත්තා.තත්පරෙන් තත්පරය ගේවිලා ගියා මනමාලයා ආවේ නැ.ජංගම දුරකතනයත් ක්‍රියා විරහිත කරලා.සමහර විට මගදි කරදරයක් වෙන්න ඇති කියලා මනාල පාර්ශවයේ අය බලාගෙන හිටියා.ජායාරුප ටික නම් පස්සේ උනත් ගන්න බැරියැ කියලා.පෝරුවේ චාරිත්‍ර කරන වෙලාවත් හෙමින් හෙමින් ලං වුනා.හැබැයි මනමාලයා එන පාටක් පෙන්න වත් නැ

                           එතකොට නම් මනමාලිගේ පාර්ශවේ කට්ටියගේ ඉහ මොල රත් වෙන්න ගත්තා.ලක්ෂ ගානක් වියදම් කරලා තමන්ගේ එකම දුවගේ විවාහය මහා ඉහළින් ගන්න ඔක්කෝම සුදානම් කරලා අවසාන මොහොතේ මේ මොකද මේ වෙන්න යන්නේ කියලා.හැමෝම මගබලාගෙන ඉන්නවා මනමාලයා දැන් එයි දැන් එයි කියලා. මේ මොන සිදුවිම උනත් ඔරලෝසුවේ කට්ට කැරකැවෙන එක නම් නැවතුනේ නැ.ඔරලෝසුව හෙමින් හෙමින් පෝරුවේ චාරිත්‍ර නැකත් වෙලාව පහු කරගෙන ගියා.ජීවිතේ ලස්සනම දවස විදගන්න සුදානම් වෙල හිටපු මනමාලිගේ ඇස් වල කදුලු දිලි සෙන්න පටන් ගත්තා එදා සතුටට වැටෙන්න තිබුන කදුලු දරා ගන්න බැරි දුකක් එක්ක ඇස් දෙකෙන් ගලා හැලෙන්න පටන් ගත්තා.

                ඇත්තටම එදා වෙලා තිබුන සිදුවිම තමයි මනමාලයගේ පාරිශවයෙන් මේ මගුල කෙරෙන බවට තින්දුව අරගෙන තිබුනේ මනාමාලිට ලැබෙන්න තිබුන දැවැද්ද ගැන හිතලා..ඒ වුනාට තිබුන ආර්ථික අපහසුතාවයක් නිසා මේ පොරෝන්දු උන විදියටම දැවැද්ද මනමාලයට නොලැබෙන බව දැන ගත්ත මේ මනමාලයා වෙඩින් එක දවසේ තමන් නිතයානුකුලව විවාහ කරගත්ත බිරිද  කැන්දගෙන යන දවසේ මග ඇරපු එක . ඒ උනාට මනමාලයා ට ලේසියෙන් ගැලවිලා යන්න නම් ලැබෙන්නේ නැ.මොකද ඒ වෙන කොටත් මේ දෙන්නා නීතියෙන් විවාහ උන දෙන්නෙක් නිසා.එක නීති මාර්ගයෙන් විසදා ගන්න වෙන ගැටලුවක් .මොකද මේක විවාහ කරගන්න බවට පොරොන්දු වෙලා වංචා කිරිමක්. ඒ වගේ මිනිහෙක් ගෙන් ගැලවුන එකත් මනමාලි පෙර කරපු පිනක් නිසා වෙන්න ඇති.නැත්නම් ඒ මිනිහා එක්ක දිග ගිහින් මුලු ජීවිතකාලේම දුක් විදින්න උනානම් කොයි තරම් දුකක් ද?

                      ඇත්තටම ගැණු ළමයෙක් දීග දෙන කොට මේ විදියට දැවැද්දක් දෙන්න ඕනෙද?මේක ඉස්සර ඉදලා අපේ රටේ කෙරිගෙන ආව චාරිත්‍රයක් ඒ උනාට ඒක මහම මහා අසාධාරණ වැඩක් .අවුරුදු ගානක් කන්න බොන්න දීලා උගන්නලා අදින්න පළදීන්න දීලා දුවක් හදලා ඒ කෙල්ල පිට ගෙදරකට දෙනවා මදිවට තව ලට්ට ලොට්ට ටිකකුත් පොදී බැදලා දෙන්න වෙන එක.එතකොට ගෙදර හදපු කෙල්ල පිටට දෙනවා මදිවට ගෙදර මිනිසුන්ට පාඩු ගොඩයි.

 
(මෙය 2010 වසරේදි සිදුවු සත්‍ය සිදුවිමකී)





                       

6 comments:

හරී said...

විවාහයට ආවෙ නෑ කියන එකයි..නීතියෙන් විවාහ වෙලායි කියන එකේ තේරුම මොකක්ද?

පැහැදිලි නෑනෙ..

මොනව වුනත් මරන්න වටින මිනිස්සු...

රන් සමනළියක් said...

@ හරි ,මෙකයි කසාදේ වෙඩින් එකට දවසට කලින් ලියාපදිංචි කරලා තිබිලා තියෙන්නේ කැන්දගෙන යන දවස ඒ කියන්නේ වෙඩින් එක දවසේ තමයි මනමාලයා ඇවිත් නැත්තේ.

සාතන් said...

වැඩේ නම් කැතයි...

දෑවැද්ද ගැන කියනව නම් මම අහල තියෙන්නෙ දෑවැද්ද කියන්නෙ බල්ලෙක් කියල..පොඩ්ඩ මිස් වුනාද හැපුව...

Dinesh said...

ඒ වැඩේ නම් මමත් අනුමත කරන්නේ නෑ.. මොන තරම් දුකක් ඒ වෙලාවට මනමාලිට දැනෙනෙවා ඇත්ද??

සරත් ලංකාප්‍රිය said...

නොදකින් මේ වගේ කාලකන්නි බුරුවන් එක්ක විවාහවෙනවාට වඩා ගෙදරට නාකිවෙන එක හොඳයි.. මුන්ට ඕන ගෑනි නෙවෙයි සල්ලි..

බට්ටි said...

මමත් හිතන්නේ දෑහෙ මූනේ තියන් හදන දුව ඇයි ගෙදර දොර වැඩ කටයුතුත් උගන්නලා තව දෑවැද්දකුත් එක්ක මිනිහෙක් එක්ක යවන්නේ. ඒක හරියට බලෙන් දෙනවා වගේ වැඩක්. මම කියන්නේ වෙන්න ඕන ඕකේ අනිත් පැත්ත. දෑවැදි දෙන්න ඕන පිරිමි කෙනා.
ඔයාගේ සමනල් රෑනට ඔන්න මමත් එකතු වුන.කිරිල්ලිගේ පෝස්ටුවට දාපු කමෙන්ටුවෙන් පාර හොයා ගත්තේ. ඔයා දගමල්ලක් නේ. හැබැයි මම පිස්සු මගුලක්. කෝ ලොකුයි දැන්වත් හැදෙන්න කිව්වට හිතෙන්නෙම නෑනේ.