Friday, February 17, 2012

සමහරක්ගේ වැලන්ටයින් දවස


        
 
                                             වැලන්ටයින් දවසේ උදේම මේස උඩ තියන ෆොන් එක රින් වෙන්න ගත්තා.  ආන්සර් කලාම එහා කෙලවරේ හිටියේ අපේ සහාකාර කළමණාකරු....
" අද ඔයාට පොඩ්ඩක් මොහොමඩ් ගේ වැඩත් බලන්න වෙනවා.අද ගෙදර හදිස්සියක් නිසා මොහොමඩ් එන්නේ නැ කියලා කිවුවා කියලා.
       ඒත් මේ දවස් වල අපේ මුලු ඔෆිස් එකම කාර්යබහුලයි...එක් කෙනෙක් නිවාඩු ගියොත් මාර වදයක් විදින්න වෙන්නේ ඔෆිස් ආව අයට වැඩ එපා වෙනකම් වැඩ කරන්න වෙනවා....
                මට එදා දවසේ තියන වැඩ කන්දරාවේ  හැටියට තව කෙනෙක්ගේ වැඩත් කරන්න කිවුවාම අසු හාරදාහට තරහා ගිහින් මමත් ලොක්කට වචන දෙක තුනක් කියලා ෆෝන් එක තිබ්බා.ඊට පස්සේ මම කෙලින්ම කෝල් එකක් ගත්තේ අපේ පාරිබෝගික සේවා අංශයට ....එතන තමයි මොහොමඩ්ගේ කෙල්ල ඉන්නේ...
කෝ මේ ෆාතිමා ඉන්නවද?”
එයාට උණ හැදිලා එයා එන්නේ නැ අද
                       දැන්නේ වැඩේ මීටර් උනේ...මේ දෙන්නාම වැලන්ටයින් සමරන්න නිවාඩු දාලා..ඒ දෙන්නා එක්ක කිසිම පෞද්ගලික තරහක් නැ.එත් රාජකාරි වැඩි වෙලාවට අනුන්ගේ ඒවත් එනකොට යකා නගින එක අහන්නත් දෙයක් ද? අද වැඩ ගොඩක් තියනවා කියලා කිවුව නිසා කොහොමින් කොහොම හරි මාව බේරිලා  මොහොමඩ් වෙනුවට වෙන එක් කෙනෙක් දාලා එදා දවස ගෙවුනා.
        ඊට පස්සේ පෙබරවාරි 15 වෙනිදා දවසේ ඔෆිස් එකේ දිවා ආහාර වෙලාවේ කැම කාමරේ අපි කැම කනකොට ෆාතිමාත් කැම කන්න ආවා.ඔන්න කට්ටිය කතා වෙනවා හදිසියේම කඩාගෙන පාත් වුන වැස්ස ගැන.ඔන්න පැන්නා බළලා මල්ලෙන් එළියට හැමෝටම ඇහෙන්න ෆාතිමා කියනවා මෙන්න මෙහෙම
" අපෝයි ඔව් අනේ ඊයේ මාර වැස්සක් නේ හවස වැස්සේ මොහොමඩ් උදේ ම අපේ ගෙදර ආවා..ඇවිත් මාව සප්ප්‍රයිස් කරන්න ගිෆ්ට් එකක් දුන්නා දීලා කිවුවා අපි අද රවුමක් ගහලා එන්න යමු කියලා..ඉතින් අපි දෙන්නා ගියා KFC ඊයේ තිබ්බා වැලන්ටයින් වලට ස්පේෂල් පැකේජ් එකක්....අපි එක ගත්තා....ෂෝයි අනේ .....අපෝ එත් අපි එන්න හදනකොට අහස කලු කරලා වහින්න ගත්තා හැමදාම තෙමෙන්නේ නැනේ .. තෙමෙන එකේත් ෆන් එකක් තියනවා කියලා අපි තේමිගෙනම ආවා..මාර ජොලි..."
ඔන්න දැන් තමයි ප්‍රශ්න විමසුම් වටය අපේ කට්ටිය ට ප්‍රශ්න ගොඩයි.

" එතකොට ඔයාලා ඊයේ KFC ගියාද?"

"මොනවද පැකේජ් එකේ තිබ්බේ?"

"මේ එක නෙමේ ෆාතිමා ඔයාට ඊයේ උණ හැදිලා නේද හිටියේ ,එතකොට උණ ලෙඩාද වැස්සට තේමිලා ජෝලි කලේ?"

          අනිත් ප්‍රශ්න වලට උත්තර දුන්නත් අන්තිම ප්‍රශ්නේ ඇහුවාම නම් ෆාතිමාට තරු විසික් වෙන්න ගන්න ඇති.කට හින්දනේ අර මොකාද නහිනවා කියන්නේ බොරුව අතේ මාට්ටු  දෙන්නම වැලන්ටයින් සමරන්න නිවාඩු දාලා තිබ්බේ කියලා.



          ඔන්න ඔහොමයි වැලන්ටයින් දවසේ සමහරක් වැලන්ටයින් සැමරුවේ....ඔෆිස් වල නිවාඩු දාගෙන ....මුදලාලිලගේ සල්ලි මලු තරකරගෙන  මොකට සමරනවද මන්දා වැලන්ටයින්....ඒක එක එක් කෙනාගේ මතයනේ.මම නම් කියන්නේ හැමදාම ආදරෙන් ඉන්න දෙන්නෙක්ට ඕනෙම නැ වෙනම දවසක් ආදරවන්තයින්ගේ දවස කියලා.

(මේ ජෝඩුවම මුස්ලිම් දෙන්නෙක් එකයි මොහොමඩ් ෆාතිමා කියලා නම් 2ක දැම්මේ.)

11 comments:

සාතන් said...

අපිට වැලන්ටයින් නැති හින්ද ඔය ගැන අදහසක් දෙන්න බෑ... :)

හැබැයි ඉතිං අනුන්ගෙ කුණු රහ කර කර කන්න වෙච්ච උදවිය නම් ලේ කෝපකරන් දවසම ඉන්න ඇත්තෙ :)

රන් සමනළියක් said...

@ සාතන් ,
මේකනේ වැඩේ ඔෆිස් එකේ එක දවසක් වෙන කෙනෙක්ට උදවුවක් විදියට එයාගේ රාජකාරිය කලොත් ඒක හැමදාම අනිවාර්යෙන්ම කරන්න වෙනවා.ඒක නිසා අනුන්ගේ කුනක් කරන්න වෙන මුල් දවසේම යුද්ධ ප්‍රකාෂ කරන්න ඕන.ජොබ් එක කරන මුල් කාලේ නම් අපි ඕවට අහු වුනා.දැන් එහෙම නැ.මගේ රාජකාරිය අකුරට ඉටු කිරිම විතරයි .දැන් කරන්නේ.

බට්ටි said...

මේකට කියන්නේ පැහැදිලි ඉරිසියාව කියලද මන්දා? :P

රන් සමනළියක් said...

@ බට්ටි...අනේ නැ මෙකේ ඉරිසියාවක් නැ.එදා අපිත් නිවාඩු දාලා කොහේ හරි රවුමක් ගියා නම් එදා ඔෆිස් එකේ තත්වේ බොහොම දරුණු වෙන්න තිබුනා.ඒ වුනාට මුලු අවුරුද්දේම වැලන්ටයින් අපිට එදා විශේෂයක් නැ.

Dinesh said...

මමත් ඉතින් වැලන්ටයින් වලට නෑනේ.. ඇත්තටමයි මේ වගේ බොරු හේතුවක් නිසා අනිත් කෙනාගේ වැඩත් කරන්න වෙද්දි නම් කේන්ති යනවා තමයි..

හිස් අහස said...

වෙන කෙනෙක්ගේ වැඩ කරන්ඩ වී නම් මටත් අසූහාරදාස් එකසීයට තදවෙන වැඩක් ..

ඒ වුණාට මට පේන්නේ සමනලීට සූටිම සූටි ජෙලක් වගේ

අමනාපද මන්දා ?

Anonymous said...

Ada thamai man oyage blog eka kiyewwe.
Ekkenek thawa kenekuta wada wenas ne. Ithin sithum pathunuth wenas. Eth Ithin anunta karadarayak deela valentine samarana eka nam yuthu na,,,
Man ,
Kumari,,,

දේව් ගේ අඩවිය said...

ආදරේ ලග තියනවානම් හෑමදාම වැලන්ටයින්.... එත් මොකටද එක දවසක් විතරක් ඔහොම සල්ලි වලින් කඩ කාරයෝ පොසත් කරන්නේ./.

ඒ ගැන මමත් ලිවා වැලන්ටයින් වලට කලින්ම

රන් සමනළියක් said...

@ දිනේෂ් , කුමාරි - අන්න හරි ඕක තමා එදා වුනේ නැතුව J නෙමේ.

@ හිස් අහස-අනේ නැ....මට පුංචිම පුංචිවත් J තිබුනේ නැ.....මොකද මම කැමතියි මගේ පොකට් එකට වගේම මගේ කොල්ලගේ පොකට් එකටත් අවාසියක් නොවි එදා දවස ගෙවුන එකට....

@ දේවා- අහ්හ්හ් මම ඒ පෝස්ට් එක කියෙව්වා.

සරත් ලංකාප්‍රිය said...

මුදලාලිලා අපිව අන්දනවා අපි ඇදගෙන නානවා සාක්කුවේ තියෙන දේ මුදලාලිගේ ලාච්චු වලට යනවා. එච්චරයි..

Anonymous said...

HE HE TRUE