Monday, May 28, 2012

තනියට හොල්මනක් සමග ගෙයක් කුලියට දිමට තිබේ.

                                  
 
                                   අපේ ගෙදර තියන පාරට ඉස්සරහා පාරේ අලුතින් මහා විශාල තට්ටු 3නේ ගෙයක් හැදුවා.මේ ගේ හැදුවේ අවුරුදු ගානක් පිට රට ඉදලා ආපු මනුස්සයෙක්.මෙච්චර කල් දුක් මහන්සි වෙලා හැදුව ගෙදර ට තමන්ගේ බිරිදයි , දුවයි  පුතයි එක්ක පදිංචියට ඇවිත් කාලයක් යන කොට ටිකක් බිමට ඇබ්බැහි වෙලා හිටිය මේ ගෙදර තාත්තා හදිසි හදවත් අමාරුවකින් මැරෙනවා.මෙහෙම මේ තාත්තා මැරුනට පස්සේ මේ අම්මයි ළමයි දෙන්නා මේ ගෙදරින් යන්න තීරණය කරලා තියනවා.මේ ගෙදර කුලියට දෙන්න හරි විකුන්න  කෙනෙක් හොයලා දෙන්න කියලා කියන්නේ මගේ යාලුවෙක්ගේ අම්මා කෙනෙක්ට.


මේ ඇන්ටි ටිකක් ඔය වගේ බ්‍රොකර් වැඩ කරන කෙනෙක් නිසා පහසුවෙන් කෙනෙක් හොයාගෙන මේ ගේ සල්ලි දිලා ගන්නම.දැන් ඒ ජෝඩුවත් එක්ක මගේ යාලුවගේ අම්මත් යනවා මේ ගේ බලන්න.දැන් මේ ජෝඩුව එක්ක මේ ගේ පුරාම ඇවිදින කොට මේ ඇන්ටිට හිතට දැනෙනවා දැනෙනවා වගේ ලු කවුරු එයා දිහා බලාගෙන ඉන්නවා වගේ ඒත් මේ  ඇන්ටි ගනන් අරගෙන නැ.නිකම්ම හිතට දැනෙන දෙයක් කියලා.අර ජෝඩුවේ ගැණු කෙනා මේ ගේ ගන්නම ඕනේ කියනවලු.පිරිමි එක්කෙනා බැම කියනවලු.එයාගේ හිතට මේ ගේ අල්ලන්නේ නැම කියලා කිවුවලු.පස්සේ මේ ගේ ගන්න ආව දෙන්නා හිස් අතින්ම යන්න ගියාලු.

                                                             මෙහෙම කාලයක් යනකොට මේ ඇන්ටිගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක් මේ ගේ කුලියට ගන්න කැමති වෙලා මේ ගේ අත්තිකාරකම් එහෙම බැදලා කුලියට ගියාලු.මේ පවුලේ ඉන්නෙත් අම්මයි තාත්තයි දුවයි පුතයි විතරයි.මේ තාත්තා ගුවන් හමුදාවේ වැඩ කරන නිසා නිතරම ගෙදර එන්නේ නැලු.මේ ගෙදර තුන්වෙනි තට්ටුවේ තියන කාමරයක මේ පවුලේ පුතා නැවතුනාලු.අම්මයි දුවයි දෙන්නා දෙවනි තට්ටුවේ කාමරයක නැවතුනාලු.මේ ගෙදර නැවතිලා හිටපු මුල් රාත්‍රියේ ම මේ තුන් දෙනාගෙන් එක් කෙනෙක්ට වත් නිදාගන්න ලැබිලා නැ.එළිවෙනකම්ම මේ තුන්දෙනා ඇහැරිලා ඉදලා තියෙන්නේ.නින්ද යාගෙන එන කොටම ගැස්සිලා ඇහැරෙනවලු.මුලින් මුලින් හිතලා තියෙන්නේ අලුත් තැනක් නිසා හුරු නැති නිසා වෙන්න ඇති කියලා.

                                                   ඉලග දවසෙත් මේ ගෙදර දුව ගැස්සිලා ඇහැරිලා වටේ බලන කොට කවුද මනුස්සයෙක් ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවලු.මේක දැක්කාම මේ කෙල්ල බය වෙලා.බෙරිහන් දිලා කැ ගහන්න පටන් ගත්තලු.මේ අම්මාත් නිදාගෙන ඉදලා තියෙන්නේ  දුව ලගමයි.කාමරේ දොර ලොක් කරගෙන හිටිය නිසා පිටින් කෙනෙක් ට ඇතුල් වෙන්නත් බැලු.ලයිට් දාලා බැලුවාම කාමරේ වෙන කවුරුත් නැලු.ඉට පස්සේ හැමදාම වගේ මේ ගෙදර කාටවත් නිදහසේ නිදා ගන්න ලැබිලා නැ.සමහර වෙලාවට කවුරු හරි කකුලින් අදිනවලු.නැත්නම් නින්දෙන් ඇහැරිලා බලන කොට කවුරු හරි ලගට වෙලා බලාගෙන ඉන්නවලු.
                                           හොල්මනක් එක්ක එකට වසන්න බැරි නිසා මේ මිනිස්සු මේ ගෙදරින් යන්න තිරණය කරලා.කාටවත් මේ ගැන මුකුත්ම නොකියා මේ අය  මේ ගෙදරින් ඉවත් වෙලා ගිහින් කාලෙකට පස්සේ මගේ යාලුවගේ අම්මට මේ අය මුණගැසුන වෙලාවක මේ කතාව කියලා.මේ කතාව ඇහුවාම මේ ඇන්ටිට හින් දාඩිය දැම්මලු.ඇන්ටිට මතක් වෙලා තියනවා ගේ සල්ලි වලට ගන්න ආපු ජෝඩුවත් එක්ක ගේ බලන්න ගිය දවසේ ඇන්ටිට වෙච්ච දේ.මේ කතාව ඇහුවට පස්සේ මේ ඇන්ටි කෙලින්ම ගිහින් තියෙන්නේ අර ගෙදර අයිතිකාරිය හොයාගෙන.ගිහින් මේ කතාව ඇහුවම ඒ මනුස්සයා අඩ අඩා කිවුවලු එයාගේ මැරිච්ච මහත්තයා ඒ ගෙදර ඉන්න නිසා තමයි ඒ ගෙදරින් එයාලා ඉවත් වෙලා ආවේ.වෙන කවුරු හරි පදිංචි වුනාම මහත්තයා ඒ ගෙදරින් යයි කියලා හිතලා.ජිවිත කාලෙන වැඩි කාලයක් හරි හම්බ කරපු ගේ දොර දාලා නොයා මරනෙන් පස්සෙත් මේ මනුස්සයා ඒ ගෙදරම ඉදලා තියනවා. 

                                                                        ගොඩක් කුලියට දෙන්න තියන ගෙවල් වල ඔය වගේ හොල්මන් සීන් තියෙනවා.මම දන්න තවත් කුලියට දෙන ගෙදරක බාත් රුම් එකේ කොච්චර ෂවර් එක වැහුවත් වහලා හැරෙන කොට ආයේ ෂවර් එක කුස්සියේ සින්ක් එක ඇරලා දානවලු.ඒ ගේ නම් මේ ලගදි බිමටම සමතලා කරලා දැම්මා.කුලියට හරි සල්ලි වලට හරි ගෙයක් ගන්න කලින් ඒ ගේ ගැන හොදට හොයලා බලන්න අමතක කරන්න එපා.

12 comments:

meegodaya said...

හෆොයි... තවත් හොල්මන් කථාවක්... ඉතින් අර මනුස්සයන්ට නූල් බඳින්න වෙලා නැද්ද...

දැන් කට්ටියම බ්ලොග් වල හොල්මන් ගැන ලියනව වැදියි අෆ්ෆා.. මේවා දැනගත්තොත් හොල්මං කතෘ භාග එහෙම ඉල්ලන්නත් බැරි නෑ

Dinesh said...

හොද වෙලාවට මේක මහ දවාලේ කියෙවුවේ මම.. :)

තමන්ගේ වස්තුවට ආසාවේ මැරුණ මිනිස්සු ඒ දේ දාලා යන්නේ නෑ මොනා කලත්.. මේත් ඒ වගේ කතාවක්..

විමුක්ති said...

විශ්වාසනොකලත්,කලත් මේවගේ දේවල්තියෙනව..
මමත් දැකලතියෙනව,හැබැයිලංකාවෙන්පිටදී.

අවතාර් said...

yako kawuru hari mage dihath balagena innawa as loku karagena ada yata idan.na na holmanak neme.ape bodime pusa.

දුමී said...

මම ඉන්න ඩුබායිවලත් ඔය වගේ දේවල් අනන්තවත් තියෙනවා. එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල තෙල් හම්බවෙලා සීග්‍ර දියුණුවට පත් වෙන්න කලින් ගෝත්‍රික ජීවිත ගත කරපු මේ රටේ මිනිස්සුන්ට හරි හමං විදිහට නඩත්තු කරපු සොහොන් එහෙම තිබිලා නෑ. තමන් කූඩාරම් ගහගෙන ඉන්න කිට්ටුවම වලවල් කපලා මිනී වලදානව මිසක් ඒ කිසිම සොහොනක සලකුනක් තබන්න කවුරුවත් මහන්සි වෙලා නෑ. ඊට පස්සෙ කාලකදි සීග්‍ර දියුණුවත් එක්කම ලොකු ලොකු අහස උසට බිල්ඩින්ග් එහෙම හැදිලා තියෙන්නෙ මේ වගේ අත හැරලා දාල තියෙන සොහොන් වලට උඩින්.

මෙහේ ඇත්තටම ඒ වගේ අමුනුස්ස ක්‍රියා නිසා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරිව අත ඇරලා දාපු බිල්ඩින්ග් මහ ගොඩක් තියෙනවා.

ගුවන් ඉංජිනේරුවෙක් වෙච්ච මගෙත් ලඟම යාළුවෙක් එයා පදිංචි උනු ෆ්ලැට් එකේ ඔය වගේ රෑට කකුලෙන් ඇදලා බිමට ඇදලා දාන හොල්මනක් ඉඳලා තියෙනවා. අන්තිමට එයා සතියකින් විතර ඒක අත ඇරලා දාලා ගියා.

මෙහේ රස්-අල්-කයිමා කියන නගරේ රජ පවුලට අයත් මාලිගාවක් තියෙනවා 1984 දි හදලා එක දවසක්වත් කවුරුවත් පදිංචි වෙලා නැති. ඒ කාලේ ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා ඒ මාලිගාව හදලා තියෙන්නේ අවුරුදු දහස් ගණනක් පරණ සුසාන භූමියක් උඩ.

Anonymous said...

මෙහෙම දෙයක් තියෙනවා,

දැන් අපි හිතමු ඔය වගේ ස්ථානයක එවැනි අදෘශ්‍යමාන බලවේග එහෙම නැත්තන් අදුරේ බලවේග ක්‍රියාත්මක වෙනවා කියලා.
ඉදින් මනුෂ්‍යයන් ඒවාට බය වෙන්නේ නැතිව ඒවා ගැන තැකීමක් නැතිව හිටියොත් එම අදුරේ බලවේග අධෛර්යමත් වෙනවා.ඉන්පසු එම ස්ථානයෙන් යක්ෂයාගේ නියෝජිතයන් ඉවත්ව යනවා.

හැබැයි ඉතින් ඒ සදහා එම ස්ථානයේ ජිවත් වන මනුෂ්‍යයන්ට ශක්තිමත් ආත්මයක් තිබිය යුතුය. නැතිනම් වන්නේ ආත්ම බුදින්නන්ට,යක්ෂයාට ආත්මය කැප කිරීමට.

කොහොමත් ගැලවුම්කරුවන් නැගී සිටිය යුතුයි,දවසකදී. යක්ෂයා ගේ බලවේග පරාජය කල යුතුය.

-ආත්ම ගලවන්නා-

Nishan de siva said...

හම්මෝ මෙහෙමත් හොලමන්

Anonymous said...

amme baya hitenawa ,e wunata macho oyawage dewal aththa tama ekama de pirimi tikak owa piliganna kamati nati eka

සරත් ලංකාප්‍රිය said...

හොල්මන් නෙවෙයි පෙරේත ආත්ම. දේපල තන්හාවෙන් මැරෙන මිනිහා එතනම පෙරේතයෙක් වෙලා උපදිනවා ආසාව නිසා.

චමී4යූ~chami4u said...

හපොයි දෙය්යනේ මෙහෙත් හොල්මන්... මම නම් හොල්මන් කතා ලියන එක නැවැත්තුවා හොල්මනක් මට අනතුරු ඇගෙව්වා අයේ අපි ගැන ලියනවා එහෙම නෙමේ..කියල...හිකිස්‌

වින්චැට් කිරිල්ලි. said...

මාත් හොල්මන් දැකල තියනව හැබැයි බය වෙලා නම් නැහැ...(ලංකාවෙදි.)

aruna indunil said...

eththama thamai mamath oyage kathawata ekangai mage adahasath kawadawath "hadapugeyak ganna hondane" thamanta puluwan widihata metiyen hari geyak hadaganna eka thamai honda.