Wednesday, September 26, 2012

හිගන්නියකට රැවටුනෙමි

                                                 අද උදේ මම කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා එක ලගින් බස් එකෙන් බැහැලා පයින් ඇවිදගෙන එන කොට අතරමගදි තරමක් හොද තත්වයේ සාරියක් ඇද ගත්ත ආච්චි කෙනෙක් පාරේ යන හැමෝගෙන්ම සල්ලි ඉල්ලනවා .මම මේ මනුස්සයා පහු කරගෙන ටික දුරක් ගිහින් ආපහු හැරිලා ඇවිත් මම ඒ ආච්චිගෙන් ඇහුවා කොහේටද යන්න ඕනේ කියලා  ජා ඇලට යන්න ඕනේ ඒකට රුපියල් පනස් පහක් ඕනේ කියලා මට කිවුවා ඒ වෙලාවේ මගේ අතේ තිබුන රුපියල් 15 ක් මම ඒ මනුස්සයට දිලා ඔෆිස් එකට ආවා..ඔෆිස් එකට ආව ගමන් මම ඔෆිස් එකේ හිටපු දෙන්නෙක් එක්ක මේ කතාව කිවුවා එතන හිටපු එක්කෙනෙක් රුපියල් 50ක් දිලා කිවුවා ඒ ආච්චි තාම ඉන්නවා නම් මේකත් දෙන්න කියලා හැබැයි එතන හිටපු අනිත් කෙනා නම් මට කිවුවේ සමහර මිනිස්සු බොරු කරනවා සමහර විට මේකත් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන් කියලා ඒත් මම ඒ රුපියල් 50 ත් අරගෙන ආයෙත් පයින්ම කොල්ලුපිටිය හංදියට වෙන කමි පයින්ම ආවා ඒ වෙනකොටත් අර ගැනු කෙනා සල්ලි ඉල්ලනවා යන එන අයගෙන.මම ආයේත් ඒ මනුස්සයා ලගටම ගිහින් සල්ලි දිලා ඔෆිස් එකට ආයෙත් ආවා.ඒ එන කොට ඔෆිස් එකේ සිකුරිටි අන්කල් මගෙන් ඇහුවා ඇයි මිස් ආපු ගමන් ආයෙත් ගියේ ඇයි කියලා මම අන්කල් ටත් විස්තරේ කියලා ඇතුලට ගිහින් මගේ සුපුරුදු රාජකාරි වල යෙදි ඉන්න කොට සිකුරිටි අන්කල් මාව හොයාගෙන එනවා මිස් පොඩ්ඩක් ඉස්සරහට එන්න යාලුවෙක් පෙන්නන කියලා.

                            එතකොට වෙලාව දවල් 11.30 විතර ඇති. මම උදේ 8.30 ට දැකපු ආච්චි තාම රුපියල් 55 ක් එකතු කරනවා මමම රුපියල් 65ක් දුන්නා ඒ මනුස්සයගේ අතටම එහෙම එකේ ගෙදර යන්නේ නැතුව තවමත් දවල් වෙලත් පාරේ ඉන්නේ මේ මනුස්සයා ලොකු බොරුවක් කරන නිසානේ.මම කෙලින්ම ගිය මේ ආච්චිගේ ඉස්සරහට ගිහින් ඒ මනුස්සයා දිහා බලාගෙන හිටියා මාව දැක්ක ගමන් ආච්චි නිකන් අවුරුදු 20 ක කෙල්ලෙක් ට වත් යන්න බැරි තරම් වේගයෙන් යන්න ගියා.


                                මට ඒ වෙලාවේ හිතට ආවේ පුදුම විදියේ තරහක් ඒ වගේම දුකක්  ඇයි මිනිස්සු මේ වගේ වැඩ කරන්නේ.රුපියක් 65කින් යාන වාහන ගන්න බැ තට්ටු දෙකේ ගෙවල් හදන්න් බැ එත් එතනදි වුනේ කැත වැඩක්.

               අද කාලේ බස් එකකට නැග්ගාම කියක් හිගන්නෝ බස් එකට නගිනවද ? ඒ අයගෙන් කියෙන් කි දෙනාටද ඇත්තටම හිගාකන්න ඕනි මිනිස්සුද?කන් ඇහෙන්නේ නැති කතා කරන්න බැරි මිනිහා හිගාකන්නේ ඇයි ඒ මිනිහට හොදට අත පය තියනවානේ රස්සාවක් කරන්න.තව බස් එකට නගිනවා මනුස්සයෙක් චිත්‍රපටි වල නාම පුවරු අතින් ඇදලා දැන් තියන ඩිජිටල් ජායාරුප නිසා එයාට රස්සාව නැති වුනා ඒ නිසා දරු පවුල ජිවත් කරන්න විදියක් නැ කියලා හිගාකනවා.එත් මේ ලොකේ තියන එක රැකියාව ඒක නෙමෙනේ.එක නැත්නම් කුලි වැඩක් කරන්න පුලුවන්නෙ.

                                        තව ගැනු අය කරන තවත් බොරුවක් තමා පිළිකාවක්  නිසා එක පියයුරුවක් ඉවත් කලා කියලා බොරුවට ප්ලාස්ටර් ගොඩක් ඇගේ අලවගෙන ඒක පෙන්න පෙන්න හිගා කන එක.පුංචි පුංචි ගැණු ළමයි එක්ක හිගාකන්න යනවා සමහර අම්මලා මේ දරුවන් අනාගතයේ ලොකේ තියන පැරණිම වුර්තියට අඩු වයසෙන්ම එකතු වෙනවා.

                                       මේ හැම දේම දැන දැනත් මම ගෙදර යන්න සල්ලි නැ කිවුව මේ මනුස්සයට සල්ලි දුන්නේ වෙලාවකට මම ත් අතේ ගානට සල්ලි තියාගෙන ගමන් බිමන් යනවා.මට හිතුනේ ඒ වගේ වෙලාවක ඕන කෙනෙක් අසරණ වෙනවා.මනුස්සයෙක් තමන්ගේ ආත්ම ගරුත්වය අමතක කරලා කාගෙන හරි සල්ලි ඉල්ලන්නේ අසරණ කම නිසාමයි.ඒත් ඒ වගේ වෙලාවක පිහිට වෙන්න ගිහින් රැවටුනා කියලා දැනුනාම දැනෙන්නේ පුදුම විදියේ තරහක්.

Monday, May 28, 2012

තනියට හොල්මනක් සමග ගෙයක් කුලියට දිමට තිබේ.

                                  
 
                                   අපේ ගෙදර තියන පාරට ඉස්සරහා පාරේ අලුතින් මහා විශාල තට්ටු 3නේ ගෙයක් හැදුවා.මේ ගේ හැදුවේ අවුරුදු ගානක් පිට රට ඉදලා ආපු මනුස්සයෙක්.මෙච්චර කල් දුක් මහන්සි වෙලා හැදුව ගෙදර ට තමන්ගේ බිරිදයි , දුවයි  පුතයි එක්ක පදිංචියට ඇවිත් කාලයක් යන කොට ටිකක් බිමට ඇබ්බැහි වෙලා හිටිය මේ ගෙදර තාත්තා හදිසි හදවත් අමාරුවකින් මැරෙනවා.මෙහෙම මේ තාත්තා මැරුනට පස්සේ මේ අම්මයි ළමයි දෙන්නා මේ ගෙදරින් යන්න තීරණය කරලා තියනවා.මේ ගෙදර කුලියට දෙන්න හරි විකුන්න  කෙනෙක් හොයලා දෙන්න කියලා කියන්නේ මගේ යාලුවෙක්ගේ අම්මා කෙනෙක්ට.


මේ ඇන්ටි ටිකක් ඔය වගේ බ්‍රොකර් වැඩ කරන කෙනෙක් නිසා පහසුවෙන් කෙනෙක් හොයාගෙන මේ ගේ සල්ලි දිලා ගන්නම.දැන් ඒ ජෝඩුවත් එක්ක මගේ යාලුවගේ අම්මත් යනවා මේ ගේ බලන්න.දැන් මේ ජෝඩුව එක්ක මේ ගේ පුරාම ඇවිදින කොට මේ ඇන්ටිට හිතට දැනෙනවා දැනෙනවා වගේ ලු කවුරු එයා දිහා බලාගෙන ඉන්නවා වගේ ඒත් මේ  ඇන්ටි ගනන් අරගෙන නැ.නිකම්ම හිතට දැනෙන දෙයක් කියලා.අර ජෝඩුවේ ගැණු කෙනා මේ ගේ ගන්නම ඕනේ කියනවලු.පිරිමි එක්කෙනා බැම කියනවලු.එයාගේ හිතට මේ ගේ අල්ලන්නේ නැම කියලා කිවුවලු.පස්සේ මේ ගේ ගන්න ආව දෙන්නා හිස් අතින්ම යන්න ගියාලු.

                                                             මෙහෙම කාලයක් යනකොට මේ ඇන්ටිගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක් මේ ගේ කුලියට ගන්න කැමති වෙලා මේ ගේ අත්තිකාරකම් එහෙම බැදලා කුලියට ගියාලු.මේ පවුලේ ඉන්නෙත් අම්මයි තාත්තයි දුවයි පුතයි විතරයි.මේ තාත්තා ගුවන් හමුදාවේ වැඩ කරන නිසා නිතරම ගෙදර එන්නේ නැලු.මේ ගෙදර තුන්වෙනි තට්ටුවේ තියන කාමරයක මේ පවුලේ පුතා නැවතුනාලු.අම්මයි දුවයි දෙන්නා දෙවනි තට්ටුවේ කාමරයක නැවතුනාලු.මේ ගෙදර නැවතිලා හිටපු මුල් රාත්‍රියේ ම මේ තුන් දෙනාගෙන් එක් කෙනෙක්ට වත් නිදාගන්න ලැබිලා නැ.එළිවෙනකම්ම මේ තුන්දෙනා ඇහැරිලා ඉදලා තියෙන්නේ.නින්ද යාගෙන එන කොටම ගැස්සිලා ඇහැරෙනවලු.මුලින් මුලින් හිතලා තියෙන්නේ අලුත් තැනක් නිසා හුරු නැති නිසා වෙන්න ඇති කියලා.

                                                   ඉලග දවසෙත් මේ ගෙදර දුව ගැස්සිලා ඇහැරිලා වටේ බලන කොට කවුද මනුස්සයෙක් ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවලු.මේක දැක්කාම මේ කෙල්ල බය වෙලා.බෙරිහන් දිලා කැ ගහන්න පටන් ගත්තලු.මේ අම්මාත් නිදාගෙන ඉදලා තියෙන්නේ  දුව ලගමයි.කාමරේ දොර ලොක් කරගෙන හිටිය නිසා පිටින් කෙනෙක් ට ඇතුල් වෙන්නත් බැලු.ලයිට් දාලා බැලුවාම කාමරේ වෙන කවුරුත් නැලු.ඉට පස්සේ හැමදාම වගේ මේ ගෙදර කාටවත් නිදහසේ නිදා ගන්න ලැබිලා නැ.සමහර වෙලාවට කවුරු හරි කකුලින් අදිනවලු.නැත්නම් නින්දෙන් ඇහැරිලා බලන කොට කවුරු හරි ලගට වෙලා බලාගෙන ඉන්නවලු.
                                           හොල්මනක් එක්ක එකට වසන්න බැරි නිසා මේ මිනිස්සු මේ ගෙදරින් යන්න තිරණය කරලා.කාටවත් මේ ගැන මුකුත්ම නොකියා මේ අය  මේ ගෙදරින් ඉවත් වෙලා ගිහින් කාලෙකට පස්සේ මගේ යාලුවගේ අම්මට මේ අය මුණගැසුන වෙලාවක මේ කතාව කියලා.මේ කතාව ඇහුවාම මේ ඇන්ටිට හින් දාඩිය දැම්මලු.ඇන්ටිට මතක් වෙලා තියනවා ගේ සල්ලි වලට ගන්න ආපු ජෝඩුවත් එක්ක ගේ බලන්න ගිය දවසේ ඇන්ටිට වෙච්ච දේ.මේ කතාව ඇහුවට පස්සේ මේ ඇන්ටි කෙලින්ම ගිහින් තියෙන්නේ අර ගෙදර අයිතිකාරිය හොයාගෙන.ගිහින් මේ කතාව ඇහුවම ඒ මනුස්සයා අඩ අඩා කිවුවලු එයාගේ මැරිච්ච මහත්තයා ඒ ගෙදර ඉන්න නිසා තමයි ඒ ගෙදරින් එයාලා ඉවත් වෙලා ආවේ.වෙන කවුරු හරි පදිංචි වුනාම මහත්තයා ඒ ගෙදරින් යයි කියලා හිතලා.ජිවිත කාලෙන වැඩි කාලයක් හරි හම්බ කරපු ගේ දොර දාලා නොයා මරනෙන් පස්සෙත් මේ මනුස්සයා ඒ ගෙදරම ඉදලා තියනවා. 

                                                                        ගොඩක් කුලියට දෙන්න තියන ගෙවල් වල ඔය වගේ හොල්මන් සීන් තියෙනවා.මම දන්න තවත් කුලියට දෙන ගෙදරක බාත් රුම් එකේ කොච්චර ෂවර් එක වැහුවත් වහලා හැරෙන කොට ආයේ ෂවර් එක කුස්සියේ සින්ක් එක ඇරලා දානවලු.ඒ ගේ නම් මේ ලගදි බිමටම සමතලා කරලා දැම්මා.කුලියට හරි සල්ලි වලට හරි ගෙයක් ගන්න කලින් ඒ ගේ ගැන හොදට හොයලා බලන්න අමතක කරන්න එපා.

Monday, May 21, 2012

අම්මේ නුඹේ පුතණුවන්ට මෙන්ම ඔබටත් අප ණයගැතියි.

   

                                                  අවුරුදු 30ක් පැවතුන රුදුරු යුධය අවසන් වෙලා වසර තුනක් විතර ගෙවිලා අවසන් වුනා විතරයි.එදා මෙදා තුර ශ්‍රි ලංකා යුධ ඉතිහාසයේ කොපමන තරුණ ජීවිත මේ යුද්ධයේදි රටට අහිමි වුනාද?සෙබලුන් කි දෙනෙකුගේ අත පය ඇස් අහිමි වුනාද?මෙහෙම තමන්ගේ ලේ මස් රට දැ‍ය වෙනුවෙන් පුජා කරපු සමහර සෙබලුන්ට තමන්ගේ කියලා බිම් අගලක් වත් මේ රටේ නොතිබුන අය.මේ වගේ කැපවිම් කරන්න මේ වගේ දරුවන් බිහි කල මවුපියවරුන්ටත් අප සැවෝම ණය ගැතියි.පසු ගිය දා ශ්‍රි ජයවර්ධනපුර පාර්ලිමේන්තුව අසල තිබෙන රණවිරු ස්මාරකය අසලදි ජායාරුප ගත වි තිබුනු මේ ජායාරුප දුටු ඕනැම කෙනෙක්ට ඒ බව හොදටම වැටහේවි.

                                               
                                                මේ අම්මා වියපත් වු දැසින් අපහසුවෙන් සොයන්නේ ප්‍රථිපල ලේඛනයක සදහන් තම දරුවාගේ නම නොවේ.රට දැය වෙනුවෙන් තමන්ගේ ජිවිතය පුජා කල හෝ අතුරුදහන් වුවන්ගේ ලේඛනයේ සිටින තම දරුවාගේ නමයි.රට දැ‍ය වෙනුවෙන් තමන්ගේ දරුවා ජිවිතය පුජා කිරිම කොතරම් අභිමානයක් වුනත් දස මසක්  කුසේ තියාගෙන හැදු වැදු දරුවා අහිමි විම තරම් අම්මා කෙනෙක්ට දරා ගන්න අපහසු දෙයක් මේ මිහි මත වේද?




                 ලෙහි හොවා වැදු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්
               දැ විගුම් වැද නැ බැතින් හිස අත් මුදුන් වෙති පියවරුන්
  මවුබිමේ හිමිකම් පතා තම දිවි පිදු කල ඒ පුතුන්
                  තුන් හෙලේ හැම මවුවරුන් ලය කිරි එරි ඇත උන් නමින්

ජිවිත පමනක් නොව ඇස් ,අත පය දන් දුන් ඔබටත් ඔබ හැදු වැදු දෙමව්පියන්ටත් අප ණය ගැතියි.


(ජායාරුප - ගොසිප් ලංකා)

Wednesday, May 16, 2012

අතැගිලි බන්දන නොපතමි පෙමින් බැදි

                                                      

මේ 2010 ජනවාරි

                                        හුග කාලෙකින් ගිය නැති වුනත් හසි ව බලන්න මම එයාගේ ගෙදර ගියේ මා එක්ක කතා කරන්න ගොඩක් දේවල් හසිට තියනවා කිවුව නිසා.වෙනදා වගේම ගේට්ටුවට තඩ්බාලා තඩිබාලා ගේට්ටුව ඇර ගත්තා..ඒ වුනාට හසියා ගාව වෙනදා නැති වෙනසක් මම දැක්කා.      

" කෙල්ල දැකපු කල් මොකද මේ ඇදිලා ගිහිල්ලා ....කියපන් කියපන් මොකද්ද අවුල කියලා.."

" නැ බන් කිසි සතුටක් නැ මගේ හිතේ හැම දේම කල කිරිලා ඉන්නේ මම"

"ඒ මොකෝ ඇයි විභාගයක් වත් ඩවුන් උනාද?"

"හම්ම්ම් නැ ...විභාග ඩවුන් නොවි ඉන්න ගිහින් තමයි මේ ටික වුනේ."

"හරි ඉතින් කියහන් මොකද උනේ කියලා?????????"

                                               කවදත් කොප්ප රෙදි හොදන්න අපි රිංගන්නේ  හසිගේ ගෙදර උඩ කාමරය ...දෙවන මහලේ කොනකට වෙන්න තිබ්බ පුංචි කාමරයට ..වෙනදා වගේම ඒක ඇතුලට රිංග ගත්ත පස්සේ ලොකු හුස්මක් එහෙම ගත්ත සදියා කම්පියුටරේ ඔන් කරලා සිංදුවක් ප්ලේ වෙන්න දැම්මා.මෙන්න මේක අහපන්කෝ මේක තමයි මගේ ජාතික ගීය වෙලා තියෙන්නේ.

මං හින්දා ඔබේ නෙතගින් කදුළක් හෙලන්නෙපා
මං හින්දා ඔබේ හදතුල සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා

අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවි
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදි
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වුදා

අතැගිලි බන්දන නොපතමි පෙමින් බැදි
ඔබ සිරකරලන දොරගුලු දමනු බැරි
නැකුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ
පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ


"මොකක් ඒ මොකද්ද ඒ වෙලා තියෙන්නේ ..මේකේ අනිත් නලුවා යුනි එකේ එකාද?"

"හ්ම්ම්ම් ඔව් බන් ඇයි එදා මම ඔයාට පෙන්නුවේ අර ෆොටෝ එකක් අන්න එකේ හිටියේ එයා තමයි."

"හරි හරි දැන් කියන්නකෝ මොකද්ද වුනේ වෙන්න යන්නේ කියලා?"

"සදිත් අයියගේ නංගි මගේ හොදම යාලුවෙක් මේ යාලු කම නිසාම සදිත් අයියා ගෙන් තමයි මට අමාරු පාඩම් එහෙම මම අහගත්තේ...ඔහොම කාලයක් යන කොට එයා මට හොද යාලුවෙක් වුනා තව කාලයක් යන කොට එයා ව මගේ ජීවිතේට නැතුව බැරි වෙන තරමට කිට්ටු කෙනෙක් වුනා ඒක කවදා කොහොම කොතනදි වුනාද කියලා මම වත් දන්නේ නැ.අද වෙනතුරු අපි දෙන්නම දන්නේ නැ ඇඵෛ අතර එහෙම දෙයක් ඇති වුනේ කොහොමද කියලා.සමහර විට එයා හොයපු ගැහැණු කෙනා මා ලග ඉන්න ඇති .මම හොයපු පිරිමියා එය ලග ඉන්න ඇති."

"ඉතින් මම ඕක නොදන්න දෙයක් නෙමේනේ.එදා ෆොටෝ එක පෙන්නලත් කිවුවෙත් ඔය ටිකමනේ.දැන් මොකද ප්‍රශ්නේ?"

"මේකයි සදිත් අයියාට පොඩි කාලේ ඉදලම එයාගේ තාත්තගේ යාලුවෙක්ගේ දුවෙක්ව ප්‍රොපොස් කරලා තිබිලා තියෙන්නේ.ඒ කෙල්ලත් සදිත් අයියගේ කරේ එල්ලෙන්න බලාගෙනම ඉන්නේ.සදිත් අයියා මේ කසාදේම එච්චරම කැමැත්තක් නැ.එයාගේ චොයිස් එක ඒ කෙල්ල නෙමේ නිසා."


 "ඉතින් මොකද්ද මෙතන තියන ප්‍රශ්නේ ...කොල්ලා ඒ කෙල්ලට අකමැති නම් තාත්තට කියලා උඹ ගැන කියලා තිරණයක් ගත්ත නම් හරිනේ."

"එයා පවුලේ එකම කොල්ලනේ  එයාට බැහැලු ගෙදරට විරුද්ධ වෙන්න ඇරත් මාව හම්බවෙනකම් එයාට එච්චරම ඒකට විරුද්ධ වෙන්න වුවමනාවක් තිබුනේ නැලු.දැන් විරුද්ධ වෙන්න දැන් ප්‍රමාද වැඩි වෙඩින් එකට දිනත් නියම වෙලා තියෙන්නේ කියලා."

"මොකක් එහෙනම් මොන කෙහෙල් මලකටද උඹට බලාපොරොත්තු දුන්නේ?පිස්සෙක් නේ."

 "මේ ලොකේ වෙන්නේ වෙන්න තියන හොදම දේ තමයි.ඒක නිසා මේකත් ඒ වගේම සිද්ධ වුනාවේ කියලා මම හිත හදාගන්නවා කොහොම හරි.ඒත් අමතක කරන්න අමාරු සමහර දේවල් මතක් වෙන කොට මගේ හිත රිද්දනවා.ඒ දේවල් මම ආදරේ නිසා කරපු දේවල්."

"අනේ මන්දා ඔයාව ගෙදර මිනිස්සු හදපු වඩපු විදියට මේ සමහර දේවල් ගෙදර අය දැන ගත්තොත් පපුව පැලිලා මැරෙයි."

"ඔව් .ඒක ඇත්ත.මම අපේ තාත්තට මේ ගැන කියලා ඇඩුවොත් තාත්තා සජිත් අයියාගේ මගුල නවත්තලා දෙකෙන් එකක් වෙනවා.ඒත් මට එහෙම ඕනේ නැ.මට ආයේ නිවැරදි කරන්න බැරි දෙයක් වෙලා නැනේ.ඒක නිසා ඒ ආදරේ හැමදාම මා ගාව තියාගෙන මම ඉන්නවා."

                  එදා මේ කතාවෙන් පස්සේ මම ආපහු ගෙදර එන්න ආවේ මේ ලොකේ මිනිස්සුන්ගේ ජීවිත ගැන හුගක් දේවල් හිත හිතා.

මෙහෙම පැ‍ය දින සති ගෙවිලා ගියා ඔය අතර මම මට පුළුවන් වෙලාවට මගේ යාලුවට දුරකතන ඇමතුමක් දීලා එයාගේ දුක සැප හොයලා බැලුවා.ඔහොම කාලයක් යනකොට සදිත් අයියාගේ විවාහ දින කිපයකට කලින් මම මගේ යාලුවට දුරකතන ඇමතුමක් දුන්නාම හසියා කියනවා.

මේ 2010 අගෝස්තු
"මේ උඹ දන්නවද මට වෙඩින් එකට එන්න කියලා ආරාධනා පත්‍රයක් ලැබුනනේ.සදිත් අයියගේ නංගි මගේ හොදම යාලුවෙක් නිසා මට එන්නම කියලා වදේ.එයා දන්නේ නැ මට මේ වගේ ප්‍රශ්නයක් තියනවා කියලා.මම මොකද්ද කරන්නේ කියලා මට තේරෙන්නේ නැ.මම එතන ට ගියොත් ටැප් එක ඇරියා වගේ ඇඩෙනවා ෂුවර් මට යන්න බැ."

              කොහොම කොහොම හරි අවසානේදි හසියා තිරණය කලා සදිත්ගේ හොම්කමින් එකට නොයා ඉන්න.විවාහ මංගල්‍ය දවසේ උදේ මනමාලයා පාන්දර 3ට හසියාට කෝල් එකක් දිලා කතා කරලා තමන්ගේ ඉරණම් ගමනක් යන්න ලැස්ති වෙලා ඉන්න බව කියලා තිබුනා.කොයි තරම් හිත හදාගෙන හිටියත් ඒ වෙලාවේ නම් හසියාගේ ඇස් වල හිර වෙලා තිබුනු කදුලු එලියට පැන්නත් ඒ හැම දේම දරාගෙන සදිත් ට සුභ පතලා ජංගම දුරකතනය විසන්ධි කරලා.

                    සහොදරියක් වගේ ඉන්න මගේ යාලුවට ඒ කොල්ලා අතින් වෙලා තියන අසාධාරණයක්.ඒත් මගේ යාලුවට සාධාරනය ඉෂ්ට වෙන්න ගියොත් තව මේ ලෝකේ කවුරු හරි කෙල්ලෙක්ට අසාධාරණයක් වෙනවා කියලා මට ඒ වෙලාවේ ටිකකට අමතක වුනා.ඒත් වෙන කෙනෙක් හිතේ තියාගෙන තමන්ගේ දෙමවුපියෝ වෙනුවෙන් හරි කියලා තවත් කෙනෙක් එක්ක විවාහ වෙලා දරු මල්ලෝ හදාගෙන ජීවිත කාලේම ජීවත් වෙන එක කොයි තරම දඩුවමක් ද?අපි හැමෝම රහත් වෙලා නැ...ලේ මස් නහර වලින් හැදුනු මිනිස්සු.මිනිස්සුන්ට හැගිම් දැනිම් තියෙනවා ඒ නිසා ඒ දෙන්නා අතර ඒ වගේ සම්බන්දතාවයක් ඇති වෙන්න ඇති .මේක මේ ලොකේ සිද්ද වුන තව එක දෙයක් විතරයි .කාලයත් එක්කම මේ හැමොම තමන්ගේ  ජිවිත ගමන් ඉදිරියටම ගියා.සදිත්ගෙත් හසියගේත් ආදර කතාව දැන ගෙන හිටියේ කිප දෙනෙක් විතරක් නිසා මේ දෙවල් කාලෙත් එක්කම වැලැලිලා යයි.
 
                                ඕනම කෙනෙක්ගේ හිතේ පුංචි කාලේ ඉදලම ටිකෙන් ටික හීන කුමරයෝ කුමාරියො මැවෙනවා.ඒ සිතුම් පැතුම් වලට සියට සියක් ගැලපෙන අය කාටවත්ම ලැබෙන්නේ නැ.ඒත් ඒ ස්වරුපයට ලගින් යන කෙනෙක් දැක්කාම අපේ හිත් ඒ අය ගාව නවතිනවා.මේ අතරින් කියෙන් කී දෙනාටද ජීවිත කාලේම ඒ අය ලග නවතින්න වෙන්නේ.සමහර අය මුන ගැහෙන කොටම වෙන කෙනෙක්ට අයිති වුන කෙනෙක් වෙන්න පුලුවන්.කවුරු මොනවා කිවුවත් ලොකේ වෙන්නේ වෙන්න තියන හොදම දේ කියලා හිත හදා ගන්න එක තමයි හොදම වැඩේ.

Monday, May 7, 2012

මෙහෙමත් පිනක්

                                
 



                                                                        මේ ගෙවිගෙන යන්නේ වෙසක් සතියයි.....වෙසක් එකට ලැබුන නිවාඩුව ඉවර වෙලා ඔෆිස් එකට ඇවිත් වැඩ පටන් ගන්න කලින් කට්ටිය වෙසක් දවස් වල තමන් ගත කරපු හැටි කියවන්න ගත්තා...ඔය අතරේ අපිත් එක්ක ඉන්න වයස් ගතම කාන්තාව අපි එයව සුකි කියලා හදුන්වමුකෝ.මෙයා වෙසක් දවසේ සිල් අරගෙන , ඉට පහුවදා දඹුලු විහාරය වැදලා රැස් කරගත් මහා පින් බලයෙන් ප්‍රිතියට පත්වෙලා තමන්  රැස් කරගත්ත පින් කන්ද ගැන නැවත නැවත සිහි පත් කරලා සතුටු වුනා.අහගෙන හිටපු අපිත් ඉතින් සතුටට පත් උනා.එක එකාට ගොට්ට අල්ලන්නේ නැතුව එහෙම වත් පිනක් රැස් කරගත්ත නිසා.
                                                              
                                                           වසර ගනනාවක් ගොටු අල්ලලා පල පුරුද්ද නිසාම ගොටු ඇල්ලිම සම්බන්දයෙන් එයා හොද ප්‍රවිණයෙක්.අවිවාහක වයස අවුරුදු 55 ක් වයසක කාන්තාවක් ...එයාගේ හොද වගේම නරකත් තියනවා. ආත්මාර්තකාමිකම , ඉරිසියාව , කුහකකම වගේ දේවල් එයාගේ අවිවාහක ජීවිතේ නිසා එයාට පුරුදු වුන දේවල්.ඔෆිස් එකේ ටයි දාන ඕනේම මහත්තයෙක්ට කැම බිම  ගෙන එම ,රටේ ඕනැම නගරයකදි පොලිසියෙන් රියදුරු බලපත්‍රය ගත්තොත් දඩ මුදල ගෙවා රියදුරු බලපත්‍රය අතටම ගෙනත් දිම , ඕනැම ගුවන් සේවා වකින් ඔනැම රටකට ගුවන් ටිකට් පත් ගෙන්වා වෙන් කරවා දිම මෙකි නොකි සේවාවන් ටයි දමා ගත් ඕනැම මහත්තයෙක්ට කරලා දෙනවා.අපේ ඔෆි එකේ මැනේජර් කෙනෙක්ට  බුදු අම්මෝ කන්න බැ කියද්දි  ඉස්සෝ ඩෙවල් දාලා ගෙනවා , මස් බැදලා ගේනවා , කජු කිලෝ ගනන් ගෙනල්ලා අර මිනිහට කවනවා..මොන පිස්සුවක් ද මන්දා.උදේම ගෙදරින් ඉදි ආප්ප හදාගෙන එනවා...මුං කිරි බත් හදාගෙන එනවා....මේ ඕනේම දේකින් මැනේජර් ගේ කොටස වෙන් කරලා තමයි කන්නේ.

                                       කොහොම හරි මෙහෙම කාලයක් ගත වෙනකොට අපේ හෙඩ් ඔෆිස් එකෙන් මේ මැනේජර් ගැන පැහැදිලා වැඩි කමට මාස 3ක පඩි දිලා මිනිහව ගෙදර ‍යැවුවා.ඒත් මිනිහා අපිව බබා කරවන්න කිවුවේ මේ ආයතනය හොද නැති නිසා වෙන ආයතනයක සේවයට යන්න ඉල්ලා අස් වුනා කියලා.ඒත් ඒ වෙනකොටත් මිනිහව දොට්ට දාලා කියලා අපි දැනගෙන හිටියේ.


                                            අපි ගොඩාක් දුක් වුනේ අනේ ඉතින් මේ සුකි ආයේ කාටද කැම බීම දීලා සලකන්නේ කියලා මෙයා දැන් ගියාම කියලා.කොහොම හරි දැන් මේ මැනේජරයා යන්න ගියා ටික කාලයක් එහේ මෙහේ කැරකි කැරකි ඉදලා අපේ ඔෆිස් එකට කිට්ටු තැනක ජොබ් එකක් ලැබිලා.සුකි ඉතින් කොල් කරනවා දුක සැප අහනවා...කැවද අහනවා..අනේ ඉතින් පුරුදු විදියමයි...හැබැයි මැනේජරයා කොල් කරන්නේ සල්ලි කියක් හරි ඩැහැ ගන්න ඕනේ උනාම එයාට වාසි දේවල් වලට විතරයි.නොම්බර එකේ සල්ලාල ජිවිතයක් ගත කරන මිනිහට හම්බ කරන ගාන මදි වියදම පියවගන්න.
.
                                            මේ මොඩ ගැණි පුරුදු පරිදිම අර මැනේජර්ට කෝල් කරලා වෙසක් ගත කල ආකාරය දඹුලු ගියපු හැටි කියලා එහෙම අහනවා මිස්ටර්  ඔයා අද දවක් කැම වෙලාවට මේ පැත්තට එන්න මම ඔයාට බැටලු මස් උයලා ගෙනාවා කන්න...මේක අහගෙන හිටපු මට හිතුනා අයියෝ පින කියලා.

Friday, March 30, 2012

රැ 12 ට සොහොනක් උඩ යකෙක්

                


                                                                                                 අපේ ඔෆිස් එකේ ඉන්න වැඩිහිට්ම  පුද්ගලයා තමයි ප්‍රෝෆෙසර් ..සමහර වෙලාවට එතුමගේ ජීවිතේ වුන සමහර අත්දැකිම් අපිත් එක්ක කියනවා ...එහෙම කිවුව එක අත්දැකිමක් තමයි මේකත් ..අපේ ප්‍රෝෆේසර් රැ 12 ට යකෙක් දැක්ක හැටි...අපි ප්‍රෝෆේසර්ට ගරු කරනවා ඒත් මේ කතාව කියන්න පහසුවට අපි ප්‍රෝෆේසර්ට උපාලි කියලා කියමුකෝ.

ඕන්න උපාලිට අවුරුදූ 16ක් 17ක් විතර කාලේ දානේ ගෙදරක ඉදලා නැන්දගේ පුතත් එක්ක ගෙදර එන්න පිටත් උනාලු..මේ නැන්දගේ පුතා උපාලිට වඩා වැඩිමහල් එක් කෙනෙක්..පයින් තමයි මේ දෙන්නට ඇවිදගෙන යන්න වෙලා තියෙන්නේ.මේ යන අතරමැද දි සොහොන් දෙකක් පහුකරගෙන යන්න තියනවලු.ඉස්සර ගම් වල කෙනෙක් මැරුනාම වලලන්න පොදු සුසාන භූමියට ගියේ නැනේ.ඒ කාලේ බොහෝ දෙනෙක්ට යහමින් ඉඩකඩම් තිබ්බ නිසා තම තමන්ගේ වතු වල තමයි භූමි දානේ කලේ.දැනටත් ගම් වල මෙහෙම කරනවා හැබැයි අසල්වැසියෝ කාගෙන වත් විරෝධයක් නැතිනම් විතරයි.


එදා හද පායලා තිබ්බ දවසක් නිසා විදුලි පන්දමක් වත් හුලු අත්තක් වත් නැතුව තමයි මේ දෙන්නා මේ ගමන යන්න පිටත් වෙලා තිබිලා තියෙන්නේ...ඔන්න අයියයි මල්ලියි දෙන්නා කතා කර කර යනවලු..සොහොන පහු කරන්න මිටරයක් විතර තියලා අයියා මල්ලිට කියනවලු

"මල්ලි උබ මගේ එහා පැත්තට වරෙන් "
එහෙම කියලා මේ දෙන්නා ඇවිදගෙන ගියපු ගුරු පාරේ සොහොන තිබ්බ පැත්තෙන් අනිත් පැත්තට උපාලිව ගත්තලු..දැන් මේ අයියා මල්ලි දෙන්නා සොහොන ලගින් යනවලු...එහෙම යන ගමන් උපාලි අයියගේ ඇගට මුවා වෙලා සොහොන දිහා හොරෙන් වගේ බැලුවලු එහෙම බලන කොට උපාලි දැක්කලු අර සොහොන උඩ ඉදගෙන හැඩපලු ගෙතුන කොන්ඩයක් යකෙක් පෙරේත තට්ටුවක් බිම පෙරලගෙන කනවලු .මේක දකින කොට වෙලාවත් රැ 12 ට ඔන්න මෙන්න වගේ නිසා හොදටම බය උන උපාලි අහක බලාගෙන අයියට මේ ගැන මුකුත් නොකියම අයියා එක්කම අඩිය ඉක්මන් කරලා සොහොන පහු කරගෙන ගියාලු.සොහොන පහු කරගෙන ගිය අයියා කියනවලු
"මල්ලි පොඩ්ඩක් මෙතනම ඉදපන් ..මම පොඩි බඩුවක් දැක්කා..මම ගිහින් බලලා එන්නම් කියලා
එතකොට උපාලිට තේරුනාලු අයියා මේ කියන්නේ  අර සොහොන උඩ හිටපු යකා ගැන තමයි.අයියා එක බලන්න යන අතරේ යකා කොහෙන් හරි ඇවිත් මාව අල්ල ගත්තොත් කියලා අයියට කිවුවලු
"අපෝ මට නම් බැ ..මෙතන ඉන්න මම ත් එනවා යන තැනකට"

" හ්ම්ම් හ්ම්ම්ම් එනවකෝ මගේ පිටිපස්සෙන්" කියලා අයියා කිවුවලු.දැන් ඔන්න එඩිතර අයියා ඉදිරියෙන් මල්ලි පිටිපස්සෙන් යනවලු.ඔන්න දැන් යකාව හද එලියට හොදට පෙනවලු

යකාගේ පිටිපස්සෙන් ගියපු අයියා යකාට මීටරයක් විතර තියලා යකාගෙන ඇහුවලු
 "කවුද යකෝ ඔතන ඉන්නේ කතා කරපන්කෝ "

යකාගෙන ප්‍රතිචාරයක් නැලු..යකාගේ ලගටම ගියපු අයියා යකාගේ පිට හරහා හොද පාරක් ගැහුවලු.ඒ පාර වදිනවත් එක්කම කෙදිරි ගාගෙන යකා පිටිපස්ස හැරිලා බැලුවලු.යකා හැරිලා බලනකොට උපාලිට මුත්‍රා පිටවෙන්න ඔන්න මෙන්න වගේලු .කැරලි කැරලි ගැහිලා හැඩපලු ගෙතුන කොන්ඩයක් තියෙන දිග නියපොතු තියෙන  කලු පාට ඇස් ලොකු යකෙක් රැ 12ට දැක්කාම එහෙම නොවි තිබුනොත් නේ පුදුමේ.පිටට වැදුන පාර නිසා යකා කේන්තියෙන් මේ අයියයි මල්ලියි දිහා බලාගෙන ඉන්නවලු..යකාට වැඩිය තරහින් ඉදපු අයියා ආයෙත් ගැහුවලු යකාට පයින් පාරක් ..ගහලා කිවුවලු
" දුවපිය මෙතනින් මේ පොඩි ඇයෝ බය නොකර"

පයින් පාර කාපු යකා අඩාගෙන කැළෙත් කඩාගෙන දිවුවලු..

මොකද්ද දන්නවද එදා ඇත්තටම වෙලා තියෙන්නේ ....පාරේ එහෙ මෙහෙ ඇවිදින පිස්සු මනුස්සයෙක් කොහේද තිබ්බ පෙරේත තට්ටුවක් සොහොන ලගට ගෙනත් එකේ තියෙන ජාති සොහොන උඩ ඉදගෙන කකා ඉදලා.

Friday, February 17, 2012

සමහරක්ගේ වැලන්ටයින් දවස


        
 
                                             වැලන්ටයින් දවසේ උදේම මේස උඩ තියන ෆොන් එක රින් වෙන්න ගත්තා.  ආන්සර් කලාම එහා කෙලවරේ හිටියේ අපේ සහාකාර කළමණාකරු....
" අද ඔයාට පොඩ්ඩක් මොහොමඩ් ගේ වැඩත් බලන්න වෙනවා.අද ගෙදර හදිස්සියක් නිසා මොහොමඩ් එන්නේ නැ කියලා කිවුවා කියලා.
       ඒත් මේ දවස් වල අපේ මුලු ඔෆිස් එකම කාර්යබහුලයි...එක් කෙනෙක් නිවාඩු ගියොත් මාර වදයක් විදින්න වෙන්නේ ඔෆිස් ආව අයට වැඩ එපා වෙනකම් වැඩ කරන්න වෙනවා....
                මට එදා දවසේ තියන වැඩ කන්දරාවේ  හැටියට තව කෙනෙක්ගේ වැඩත් කරන්න කිවුවාම අසු හාරදාහට තරහා ගිහින් මමත් ලොක්කට වචන දෙක තුනක් කියලා ෆෝන් එක තිබ්බා.ඊට පස්සේ මම කෙලින්ම කෝල් එකක් ගත්තේ අපේ පාරිබෝගික සේවා අංශයට ....එතන තමයි මොහොමඩ්ගේ කෙල්ල ඉන්නේ...
කෝ මේ ෆාතිමා ඉන්නවද?”
එයාට උණ හැදිලා එයා එන්නේ නැ අද
                       දැන්නේ වැඩේ මීටර් උනේ...මේ දෙන්නාම වැලන්ටයින් සමරන්න නිවාඩු දාලා..ඒ දෙන්නා එක්ක කිසිම පෞද්ගලික තරහක් නැ.එත් රාජකාරි වැඩි වෙලාවට අනුන්ගේ ඒවත් එනකොට යකා නගින එක අහන්නත් දෙයක් ද? අද වැඩ ගොඩක් තියනවා කියලා කිවුව නිසා කොහොමින් කොහොම හරි මාව බේරිලා  මොහොමඩ් වෙනුවට වෙන එක් කෙනෙක් දාලා එදා දවස ගෙවුනා.
        ඊට පස්සේ පෙබරවාරි 15 වෙනිදා දවසේ ඔෆිස් එකේ දිවා ආහාර වෙලාවේ කැම කාමරේ අපි කැම කනකොට ෆාතිමාත් කැම කන්න ආවා.ඔන්න කට්ටිය කතා වෙනවා හදිසියේම කඩාගෙන පාත් වුන වැස්ස ගැන.ඔන්න පැන්නා බළලා මල්ලෙන් එළියට හැමෝටම ඇහෙන්න ෆාතිමා කියනවා මෙන්න මෙහෙම
" අපෝයි ඔව් අනේ ඊයේ මාර වැස්සක් නේ හවස වැස්සේ මොහොමඩ් උදේ ම අපේ ගෙදර ආවා..ඇවිත් මාව සප්ප්‍රයිස් කරන්න ගිෆ්ට් එකක් දුන්නා දීලා කිවුවා අපි අද රවුමක් ගහලා එන්න යමු කියලා..ඉතින් අපි දෙන්නා ගියා KFC ඊයේ තිබ්බා වැලන්ටයින් වලට ස්පේෂල් පැකේජ් එකක්....අපි එක ගත්තා....ෂෝයි අනේ .....අපෝ එත් අපි එන්න හදනකොට අහස කලු කරලා වහින්න ගත්තා හැමදාම තෙමෙන්නේ නැනේ .. තෙමෙන එකේත් ෆන් එකක් තියනවා කියලා අපි තේමිගෙනම ආවා..මාර ජොලි..."
ඔන්න දැන් තමයි ප්‍රශ්න විමසුම් වටය අපේ කට්ටිය ට ප්‍රශ්න ගොඩයි.

" එතකොට ඔයාලා ඊයේ KFC ගියාද?"

"මොනවද පැකේජ් එකේ තිබ්බේ?"

"මේ එක නෙමේ ෆාතිමා ඔයාට ඊයේ උණ හැදිලා නේද හිටියේ ,එතකොට උණ ලෙඩාද වැස්සට තේමිලා ජෝලි කලේ?"

          අනිත් ප්‍රශ්න වලට උත්තර දුන්නත් අන්තිම ප්‍රශ්නේ ඇහුවාම නම් ෆාතිමාට තරු විසික් වෙන්න ගන්න ඇති.කට හින්දනේ අර මොකාද නහිනවා කියන්නේ බොරුව අතේ මාට්ටු  දෙන්නම වැලන්ටයින් සමරන්න නිවාඩු දාලා තිබ්බේ කියලා.



          ඔන්න ඔහොමයි වැලන්ටයින් දවසේ සමහරක් වැලන්ටයින් සැමරුවේ....ඔෆිස් වල නිවාඩු දාගෙන ....මුදලාලිලගේ සල්ලි මලු තරකරගෙන  මොකට සමරනවද මන්දා වැලන්ටයින්....ඒක එක එක් කෙනාගේ මතයනේ.මම නම් කියන්නේ හැමදාම ආදරෙන් ඉන්න දෙන්නෙක්ට ඕනෙම නැ වෙනම දවසක් ආදරවන්තයින්ගේ දවස කියලා.

(මේ ජෝඩුවම මුස්ලිම් දෙන්නෙක් එකයි මොහොමඩ් ෆාතිමා කියලා නම් 2ක දැම්මේ.)