Wednesday, May 16, 2012

අතැගිලි බන්දන නොපතමි පෙමින් බැදි

                                                      

මේ 2010 ජනවාරි

                                        හුග කාලෙකින් ගිය නැති වුනත් හසි ව බලන්න මම එයාගේ ගෙදර ගියේ මා එක්ක කතා කරන්න ගොඩක් දේවල් හසිට තියනවා කිවුව නිසා.වෙනදා වගේම ගේට්ටුවට තඩ්බාලා තඩිබාලා ගේට්ටුව ඇර ගත්තා..ඒ වුනාට හසියා ගාව වෙනදා නැති වෙනසක් මම දැක්කා.      

" කෙල්ල දැකපු කල් මොකද මේ ඇදිලා ගිහිල්ලා ....කියපන් කියපන් මොකද්ද අවුල කියලා.."

" නැ බන් කිසි සතුටක් නැ මගේ හිතේ හැම දේම කල කිරිලා ඉන්නේ මම"

"ඒ මොකෝ ඇයි විභාගයක් වත් ඩවුන් උනාද?"

"හම්ම්ම් නැ ...විභාග ඩවුන් නොවි ඉන්න ගිහින් තමයි මේ ටික වුනේ."

"හරි ඉතින් කියහන් මොකද උනේ කියලා?????????"

                                               කවදත් කොප්ප රෙදි හොදන්න අපි රිංගන්නේ  හසිගේ ගෙදර උඩ කාමරය ...දෙවන මහලේ කොනකට වෙන්න තිබ්බ පුංචි කාමරයට ..වෙනදා වගේම ඒක ඇතුලට රිංග ගත්ත පස්සේ ලොකු හුස්මක් එහෙම ගත්ත සදියා කම්පියුටරේ ඔන් කරලා සිංදුවක් ප්ලේ වෙන්න දැම්මා.මෙන්න මේක අහපන්කෝ මේක තමයි මගේ ජාතික ගීය වෙලා තියෙන්නේ.

මං හින්දා ඔබේ නෙතගින් කදුළක් හෙලන්නෙපා
මං හින්දා ඔබේ හදතුල සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා

අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවි
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදි
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වුදා

අතැගිලි බන්දන නොපතමි පෙමින් බැදි
ඔබ සිරකරලන දොරගුලු දමනු බැරි
නැකුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ
පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ


"මොකක් ඒ මොකද්ද ඒ වෙලා තියෙන්නේ ..මේකේ අනිත් නලුවා යුනි එකේ එකාද?"

"හ්ම්ම්ම් ඔව් බන් ඇයි එදා මම ඔයාට පෙන්නුවේ අර ෆොටෝ එකක් අන්න එකේ හිටියේ එයා තමයි."

"හරි හරි දැන් කියන්නකෝ මොකද්ද වුනේ වෙන්න යන්නේ කියලා?"

"සදිත් අයියගේ නංගි මගේ හොදම යාලුවෙක් මේ යාලු කම නිසාම සදිත් අයියා ගෙන් තමයි මට අමාරු පාඩම් එහෙම මම අහගත්තේ...ඔහොම කාලයක් යන කොට එයා මට හොද යාලුවෙක් වුනා තව කාලයක් යන කොට එයා ව මගේ ජීවිතේට නැතුව බැරි වෙන තරමට කිට්ටු කෙනෙක් වුනා ඒක කවදා කොහොම කොතනදි වුනාද කියලා මම වත් දන්නේ නැ.අද වෙනතුරු අපි දෙන්නම දන්නේ නැ ඇඵෛ අතර එහෙම දෙයක් ඇති වුනේ කොහොමද කියලා.සමහර විට එයා හොයපු ගැහැණු කෙනා මා ලග ඉන්න ඇති .මම හොයපු පිරිමියා එය ලග ඉන්න ඇති."

"ඉතින් මම ඕක නොදන්න දෙයක් නෙමේනේ.එදා ෆොටෝ එක පෙන්නලත් කිවුවෙත් ඔය ටිකමනේ.දැන් මොකද ප්‍රශ්නේ?"

"මේකයි සදිත් අයියාට පොඩි කාලේ ඉදලම එයාගේ තාත්තගේ යාලුවෙක්ගේ දුවෙක්ව ප්‍රොපොස් කරලා තිබිලා තියෙන්නේ.ඒ කෙල්ලත් සදිත් අයියගේ කරේ එල්ලෙන්න බලාගෙනම ඉන්නේ.සදිත් අයියා මේ කසාදේම එච්චරම කැමැත්තක් නැ.එයාගේ චොයිස් එක ඒ කෙල්ල නෙමේ නිසා."


 "ඉතින් මොකද්ද මෙතන තියන ප්‍රශ්නේ ...කොල්ලා ඒ කෙල්ලට අකමැති නම් තාත්තට කියලා උඹ ගැන කියලා තිරණයක් ගත්ත නම් හරිනේ."

"එයා පවුලේ එකම කොල්ලනේ  එයාට බැහැලු ගෙදරට විරුද්ධ වෙන්න ඇරත් මාව හම්බවෙනකම් එයාට එච්චරම ඒකට විරුද්ධ වෙන්න වුවමනාවක් තිබුනේ නැලු.දැන් විරුද්ධ වෙන්න දැන් ප්‍රමාද වැඩි වෙඩින් එකට දිනත් නියම වෙලා තියෙන්නේ කියලා."

"මොකක් එහෙනම් මොන කෙහෙල් මලකටද උඹට බලාපොරොත්තු දුන්නේ?පිස්සෙක් නේ."

 "මේ ලොකේ වෙන්නේ වෙන්න තියන හොදම දේ තමයි.ඒක නිසා මේකත් ඒ වගේම සිද්ධ වුනාවේ කියලා මම හිත හදාගන්නවා කොහොම හරි.ඒත් අමතක කරන්න අමාරු සමහර දේවල් මතක් වෙන කොට මගේ හිත රිද්දනවා.ඒ දේවල් මම ආදරේ නිසා කරපු දේවල්."

"අනේ මන්දා ඔයාව ගෙදර මිනිස්සු හදපු වඩපු විදියට මේ සමහර දේවල් ගෙදර අය දැන ගත්තොත් පපුව පැලිලා මැරෙයි."

"ඔව් .ඒක ඇත්ත.මම අපේ තාත්තට මේ ගැන කියලා ඇඩුවොත් තාත්තා සජිත් අයියාගේ මගුල නවත්තලා දෙකෙන් එකක් වෙනවා.ඒත් මට එහෙම ඕනේ නැ.මට ආයේ නිවැරදි කරන්න බැරි දෙයක් වෙලා නැනේ.ඒක නිසා ඒ ආදරේ හැමදාම මා ගාව තියාගෙන මම ඉන්නවා."

                  එදා මේ කතාවෙන් පස්සේ මම ආපහු ගෙදර එන්න ආවේ මේ ලොකේ මිනිස්සුන්ගේ ජීවිත ගැන හුගක් දේවල් හිත හිතා.

මෙහෙම පැ‍ය දින සති ගෙවිලා ගියා ඔය අතර මම මට පුළුවන් වෙලාවට මගේ යාලුවට දුරකතන ඇමතුමක් දීලා එයාගේ දුක සැප හොයලා බැලුවා.ඔහොම කාලයක් යනකොට සදිත් අයියාගේ විවාහ දින කිපයකට කලින් මම මගේ යාලුවට දුරකතන ඇමතුමක් දුන්නාම හසියා කියනවා.

මේ 2010 අගෝස්තු
"මේ උඹ දන්නවද මට වෙඩින් එකට එන්න කියලා ආරාධනා පත්‍රයක් ලැබුනනේ.සදිත් අයියගේ නංගි මගේ හොදම යාලුවෙක් නිසා මට එන්නම කියලා වදේ.එයා දන්නේ නැ මට මේ වගේ ප්‍රශ්නයක් තියනවා කියලා.මම මොකද්ද කරන්නේ කියලා මට තේරෙන්නේ නැ.මම එතන ට ගියොත් ටැප් එක ඇරියා වගේ ඇඩෙනවා ෂුවර් මට යන්න බැ."

              කොහොම කොහොම හරි අවසානේදි හසියා තිරණය කලා සදිත්ගේ හොම්කමින් එකට නොයා ඉන්න.විවාහ මංගල්‍ය දවසේ උදේ මනමාලයා පාන්දර 3ට හසියාට කෝල් එකක් දිලා කතා කරලා තමන්ගේ ඉරණම් ගමනක් යන්න ලැස්ති වෙලා ඉන්න බව කියලා තිබුනා.කොයි තරම් හිත හදාගෙන හිටියත් ඒ වෙලාවේ නම් හසියාගේ ඇස් වල හිර වෙලා තිබුනු කදුලු එලියට පැන්නත් ඒ හැම දේම දරාගෙන සදිත් ට සුභ පතලා ජංගම දුරකතනය විසන්ධි කරලා.

                    සහොදරියක් වගේ ඉන්න මගේ යාලුවට ඒ කොල්ලා අතින් වෙලා තියන අසාධාරණයක්.ඒත් මගේ යාලුවට සාධාරනය ඉෂ්ට වෙන්න ගියොත් තව මේ ලෝකේ කවුරු හරි කෙල්ලෙක්ට අසාධාරණයක් වෙනවා කියලා මට ඒ වෙලාවේ ටිකකට අමතක වුනා.ඒත් වෙන කෙනෙක් හිතේ තියාගෙන තමන්ගේ දෙමවුපියෝ වෙනුවෙන් හරි කියලා තවත් කෙනෙක් එක්ක විවාහ වෙලා දරු මල්ලෝ හදාගෙන ජීවිත කාලේම ජීවත් වෙන එක කොයි තරම දඩුවමක් ද?අපි හැමෝම රහත් වෙලා නැ...ලේ මස් නහර වලින් හැදුනු මිනිස්සු.මිනිස්සුන්ට හැගිම් දැනිම් තියෙනවා ඒ නිසා ඒ දෙන්නා අතර ඒ වගේ සම්බන්දතාවයක් ඇති වෙන්න ඇති .මේක මේ ලොකේ සිද්ද වුන තව එක දෙයක් විතරයි .කාලයත් එක්කම මේ හැමොම තමන්ගේ  ජිවිත ගමන් ඉදිරියටම ගියා.සදිත්ගෙත් හසියගේත් ආදර කතාව දැන ගෙන හිටියේ කිප දෙනෙක් විතරක් නිසා මේ දෙවල් කාලෙත් එක්කම වැලැලිලා යයි.
 
                                ඕනම කෙනෙක්ගේ හිතේ පුංචි කාලේ ඉදලම ටිකෙන් ටික හීන කුමරයෝ කුමාරියො මැවෙනවා.ඒ සිතුම් පැතුම් වලට සියට සියක් ගැලපෙන අය කාටවත්ම ලැබෙන්නේ නැ.ඒත් ඒ ස්වරුපයට ලගින් යන කෙනෙක් දැක්කාම අපේ හිත් ඒ අය ගාව නවතිනවා.මේ අතරින් කියෙන් කී දෙනාටද ජීවිත කාලේම ඒ අය ලග නවතින්න වෙන්නේ.සමහර අය මුන ගැහෙන කොටම වෙන කෙනෙක්ට අයිති වුන කෙනෙක් වෙන්න පුලුවන්.කවුරු මොනවා කිවුවත් ලොකේ වෙන්නේ වෙන්න තියන හොදම දේ කියලා හිත හදා ගන්න එක තමයි හොදම වැඩේ.

4 comments:

Anonymous said...

MARAI MACHAN ,ME WAGE WADA KARANA EWUNTA HODAK WEN NA

Dinesh said...

ඔය පොඩි කාලෙම කසාද බදින කෙනා තීරණය කරන පිළිවෙලට මම නම් කොහෙත්ම කැමති නෑ..

වින්චැට් කිරිල්ලි. said...

මාත් කැමතිම නැති වැඩක් තමා පොඩිකාලෙම කසාද බඳින අයව අම්මල යෝජනා කරන එක..පොඩි කාලෙ නෙවේ ලොකු කාලෙ උනත් ඒක කරන්න ඕනෙ කසාදෙ බැඳගන්න අය..

විමුක්ති said...

හප්පේ,ඔහොමකසාද ඉස්සරතිබුනට අදකාලේවෙනවකියල කාලෙකින්ඇහුවෙ..
අනිකකසාද බැඳලවෙන්වෙනඑකේ ඕවමොනවද කියලයිමටනම් හිතෙන්නෙ